එක් නියමුවෙකු සහිතව පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT6 වර්ගයේ පුහුණු ගුවන් යානය කන්තලේ, සුරියපුර ප්‍රදේශයේදී අනතුරකට පත්ව එහි පියසර කළ පුහුණු නියමුවා මිය ගොස් ඇත.
අදාළ යානය පියාසර කර ඇත්තේ, පුහුණු ගුවන් නියමුවෙකු වන ශලින්ද අමරකෝන් මහතා විසිනි.
එක් නියමුවෙකු සහිතව පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT6 වර්ගයේ ගුවන් යානය සමග පැවති සබඳතා බිඳ වැටුණු බව ගුවන් හමුදාව මීට පෙර ප්‍රකාශ කළේ ය.
පස්වරු 1.05 ට පමණ පුහුණු සැසියක් සඳහා යානය ගුවන්ගත කර තිබූ අතර අනතුරට පස්වරු 1.15 ට පමණ ඒ සමග තිබූ සන්නිවේදන සබඳතා ඇණහිට තිබේ.
චීන වරාය කඳවුරේ සිට නාවික සැතපුම් 14 ක් පමණ දුරින් යානය අනතුරට ලක්වී තිබු බව ගුවන් හමුදාව සඳහන් කළේය.
ගුවන් අනතුරින් අද ජීවිතක්ෂයට පත් වූ පුහුණු නියමු ශලින්ද අමරකෝන් මහතා කෑගල්ල මහා විද්‍යාලයේ ආදි සිසුවෙකි.
ඔහු 2019 වසරේ ජනවාරි මාසයේ කැඩෙට් නිලධාරියෙකු ලෙස පුහුණුව ආරම්භ කර ඇති අතර ගුවන් නියමු පුහුණුව ආරම්භ කර තිබුණේ එම වසරේ ජූලි මාසයේදීයි.

