හදිසි මරණ පරීක්ෂකවරුන් සදහා සෞඛ්‍යාරක්ෂිත ඇදුම් කට්ටල

හදිසි මරණ පරීක්ෂකවරුන් සදහා සෞඛ්‍යාරක්ෂිත ඇදුම් කට්ටල

කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් හදිසි මරණ පරික්ෂණ සිදු කිරීමේදී හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව සදහා ආරක්ෂිත ඇදුම් කට්ටල ප්‍රදානය කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන්  අධිකරණ අමාත්‍යාංශයේ දී සිදු විය.

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් අමාත්‍යතුමාගෙන් කරනු ලැබු ඉල්ලීමක් අනුව මෙම සෞඛ්‍යාරක්ෂිත ඇදුම් කට්ටල ලබාදීමට පියවර ගෙන ඇති අතර දිවයින පුරා සිටින සියලු හදිසි මරණ පරීක්ෂකවරුන් සදහා ඇදුම් කට්ටල ලබාදීමට නියමිතයි.

කොව්ඩි 19 වෛරස තත්වය හමුවේ හදිසි මරණ පරීක්ෂකවරුන් සිදු කරනු ලබන අවදානම් සහගත රාජකාරී තත්වය පිළිබදව මෙන්ම ඔවුන් මුහුණ දී සිටින ගැටළු පිළිබදව මෙහිදි අමාත්‍යතුමා සහ හදිසි මරණ පරක්ෂකවරුන්ගේ සංගමයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ද පැවැත්විණි.

සියලුම හදිසි මරණ පරීක්ෂකවරුන් සම්බන්ධ කර ගැනීම සදහා දත්ත පද්ධතියක් සකස් කිරීම මරණ පරීක්ෂකවරුන් බදවා ගැනීමේදී දැනට පවතින ක්‍රමවේදය තවදුරටත් විධිමත් කිරීම වැනි කරුණු පිළිබදව මෙහිදි අවධානය යොමු විය.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්නෙ අධිකරණ අමාත්‍යාංශයේ හා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ නිලධාරින් මෙම අවස්ථාවට සහභාගි විය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල මේ සදහා අනුග්‍රහය දක්වා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න