කෙරවලපිටිය කර්මාන්තපුරය මාර්ගය මං තීරු හතරක් යටතේ සංවර්ධන කටයුතු ඇරඹේ

කෙරවලපිටිය කර්මාන්තපුරය මාර්ගය මං තීරු හතරක් යටතේ සංවර්ධන කටයුතු ඇරඹේ

ආයෝජන අවස්ථා පුළුල් කිරීම හා ආයෝජකයින් දිරිගැන්වීම උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කරලීමේ රජයේ වැඩපිළිවෙල යටතේ අධිවේගී මාර්ගයට ප්‍රවේශ මාර්ගයක්ද වන කෙරවලපිටිය කර්මාන්තපුරය මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු අද (20) දින ආරම්භ කෙරිණි.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සාගේ ප්‍රධානත්වයෙන් මෙම මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ විය.

කිලෝ මිටර් 2.2 කින් යුක්ත කෙරවලපිටිය කර්මාන්තපුර මාර්ගය මං තීරු හතරක් යටතේ අදියර දෙකකින් සංවර්ධනය කෙරෙනු ඇත. පළමු අදියරේ කිලෝ මීටර් 0.5 ක් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 133 ක මුදලක් ඇස්තමේන්තු කර තිබේ. දෙවන අදියර යටතේ කිලෝ මීටර් 1.7 ක් සංවර්ධනය කෙරෙන අතර දළ වශයෙන් ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 300 කි.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හා කොළඹ වරායට පහසුවෙන් ගමන් කළ හැකි අධිවේගී මාර්ගයට ප්‍රවේශ ස්ථානයක පිහිටා තිබෙන මෙම කර්මාන්තපුර මාර්ගය වඩාත් ආකර්ශනීය ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කෙරෙනු ලැබේ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ඉදිරිපත් කළ "සෞභාග්‍යයේ දැක්ම" වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මෙම මාර්ගය සංවර්ධනය කෙරෙනු ලැබේ. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය පිටුදැකීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂගේ උපදෙස් පරිදි මෙය ක්‍රියාත්මක කරනු ලැබේ.

දේශීය හා විදේශීය ආයෝජකයින් දිරිගැන්වීම හා නව ආයෝජන අවස්ථා ඇතිකරලීමට යටිතල පහසුකම් සංවර්ධනය රජයේ කාර්යභාරයක් වන අතර ඒ සදහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙනවා. රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන කර්මාන්ත රැසක් මෙම කර්මාන්තපුරය මාර්ගයේ පිහිටා ඇති බැවින් මෙම මාර්ගය සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා  මෙහිදී සදහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු, හිටපු පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගු, වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරත්න අල්විස්, උප සභාපති ජගත් ජයවර්ධන, මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති ඉංජිනේරුවරුන් වන තිළිණ පෙරේරා, රොෂාන් ප්‍රියදර්ශන  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න