සතොස සභාපති ඉවත්කිරීම හෝ ඉවත්විම තුලින් රාජ්‍යට සිදු වූ මහා බදු මුදල් හානිපූර්ණය කල හැකිද?

සතොස සභාපති ඉවත්කිරීම හෝ ඉවත්විම තුලින් රාජ්‍යට සිදු වූ මහා බදු මුදල් හානිපූර්ණය කල හැකිද?

වසර හැත්තෑ දෙකක් මුළුල්ලේ ශ්‍රී ලංකා රාජ්‍ය භාණ්ඩාගාරය අහිමිකරගත් බදු මුදල රුපියල් බිලියන දස දහස් ගණනකි… තට්ටු මාරු ක්‍රමයට ආණ්ඩු පත්කරගනිමින් කුණු වී ඕජස් ගලමින් සිටින ශ්‍රී ලංකා රාජ්‍ය දේහයට දේශපාලකයා හා රාජ්‍ය  නිළධාරීන් සිදුකල හානිය අතිශය භයානක ශෝචනීය එකකි…

බදු මුදල් අහිමිවීම ආර්ථික සාමාජීය ලෙස අධ්‍යාපනය,සෞඛ්‍ය හා පොදු ප්‍රවාගනයට කරන බලපෑම සැකෙවින් !                

ශ්‍රී ලංකාවේ වක්‍ර හා ඍජු බදු ලෙස බදු ප්‍රතිපත්තිය මූලික ලෙස ක්‍රියාත්මක වන අතර රාජ්‍ය භාණ්ඩාගාරයට එකතුවන බදු මුදල් මත අධ්‍යාපනය සෞඛ්‍ය හා පොදු ප්‍රවාහනය වෙනුවෙන් ඉතා අලසව අසීරුවෙන් මුදල් වෙන් කෙරෙන අතර  වත්මන් පාසල් පද්ධතියේ වැසිකිලි කැසිකිළි හා පිරිසිදු පානීය ජලය නොමැති පාසල් ප්‍රමාණය එකදහස් පන්සියයකට ( 1500 ) ආසන්ය.              

කප්පරක් වක්‍ර බදු ගෙවන මහජනතාවගේ දරුවන් නිදහස් අධ්‍යාපනය ලැබූවද සමස්ථ පාසල් පද්ධතියේ ඇති විශමතා ඉහත සදහන් අවම සනීපාරක්ෂක පහසුකම් හෝ නොමැති බවින් මනාව පිළිඹිබු වන අතර රාජ්‍ය පාසල් වල මූලික පහසුකම් නොමැතිව අනාරක්ෂිතව අකුරු කරන මල් කැකුළු වන් දරුවන්ගේ හෙට දවස ගජමිතුරු බදු කොල්ලකරුවන් විසින් විනාශ මුඛයට ගෙන යමින් ඇත.                

පොදු ප්‍රවාහනය ගත් කලද උදෑසන රැකියාවට පිටත් වන රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයාද සිසු දරුවන්ද අධික විඩාවට හා අපහසුතාවයන්ට පත්කරන නිසි තාක්ෂණික ඇගයීමකට ලක් නොවූ ලොරි චැසි වලට ඇටවූ බස් රථ හා හා ගරා වැටුන දුම්රිය සේවය ලෝකයේ දියුණු රටවල් හා සැසදීමට තබා අහලකට වත් ලංවන්නට නොහැකි වී ඇත්තේ ගජමිතුරු බදු කොල්ලයන්ගේ ප්‍රතිපල නිසාවෙනි.            

නිදහස් සෞඛ්‍ය තුල ලබන නිදහස කුමක්දැයි අපි අපවම ප්‍රශ්න කලයුතු තැනකට පැමිණ ඇතිබව නොරහසකි….රජයේ රෝහල් වලින් අසනීපයන්ට ප්‍රතිකාර ගැනීම වෙනුවෙන් වසර ගනන් පොරොත්තු ලේඛන වල මරණයේ අදුරු භීතිකා මතින් දිනක් හෝ තම ජීවිතය යදිමින් ලබැදියාවන් හා ජීවන යාත්‍රාවේ ගමනාන්තය සනිටුහන් කරන්නට දරනා අහිංසක බලාපොරොත්තු මිලින වන්නේද් මෙකී ගජමිතුරු බදු කොල්ලයන් නිසාවෙනි…..එමෙන්ම ඔසු හල් කරා ගොස් ඖෂධ මාෆියාවට නතු වන්නේ එකී අනුහසිනි.

Covid  එන්නත් ආනයනය පිරිවැය හා සීනි බදු සහන අලාභය         

මුදල් අමාත්‍ය වරයා විසින් නිකුත් කරන ලද ජුනි මස 26 වන දින ගැසට් පත්‍රයට අනුව ආනයනික සීනි කිලෝවක් වෙනුවෙන් බද්ධ රුපියල් 50ක් දක්වා ඉහල දැමූ අතර සීනි කිලෝවක සාමන්‍ය මිල රුපියල් 135ත් 140ත් අතර මිලක පැවතුනි.                 

ඉන් අනතුරුව නැවතත් ඔක්තෝබර්  දහතුන් වන දින (13) ගැසට් පත්‍රයක් මගින් ආනයනික සීනි කිලෝවක් සදහා වන බද්ධ ශත විසිපහක් ( 0.25 ) තරම් ඉතා සුළු මුදලක් දක්වා පහත හෙලුවේ ජනතාවට බදු සහන ලභාදීමට නොව ගජමිතුරන් හරහා වත්මන් දේශපාලන අධිකාරියේද සේප්පු වන් සාක්කු පිරවීමටය….එය එසේ නොවුනේ නම් එම බදු සහනය ජනතාවට ලැබී සීනි කිලෝවක් රුපියල් අසූවක් අසූපහක් තරම් මුදලකට වෙලදපොලේ මිලට ගැනීමට හැකිවිය යුතුය.                

එසේ ලබුණු බදු සහනයේ අනුහසින් ෂ්‍රැන්ග්‍රිල්ලා සමාගමේ සභාපති සාජාන් මන්සූර් හ විල්ම ආයතනය මෙට්‍රික් ටොන් 2600ක් හා මෙට්‍රික් ටොන් 76000ක් ශත විසිපහහක තරම් අඩු ආනයනික බද්ධක් ගෙවමින් එක් කිලෝවකින් රුපියල් හතලිස් නවයයි ශත හැත්තෑපහක අතිරේක අනිසි ලාභයක් උපයමින් ආනයනය කොට ඇත.          

එම ආනයනික සීනි තොගයෙන් වැඩි ප්‍රමාණයක් රුපියල් එකසිය විස්සත් (120.00) රුපියල් එකසිය විසිඑකක් (121.00) මිලට සතොස සභාපති නුෂාඩ් පෙරේරා විසින් මිලදීගෙන ඇති අතර එකී මිළ දී ගැනීම සිදු කොට සතොස මගින් සීනි කිලෝවක් විකිනීමේදීම රුපියල් 35.00ට අධික පාඩුවක් සතොස විසින් හිමි කරගෙන සිටී, එම පාඩුව ආසන්න වශයෙන් රුපියල් කෝටි 450 ක පමණය..            

එමෙන්ම සමස්ථ සීනි ආනයනය තුලින් රාජ්‍ය භාණ්ඩාගාරය ලැබූ පාඩුව කොටි 1000ක් එනම් බිලියන 10කට අධිකය. එසේම අනයනික පොල්තෙල්ද  ජුනි 26 ජූලි 10 හා දෙසැම්බර් 15 ගැසට් පත්‍ර මගින් ලැබූ ගජමිතුරු බදු වංචාවක් සිදු කරමින් මෙට්‍රික් ටොන් 7000ක් පමණ දෙසැම්බර් 14වන දින පැය විසිහතරක් ඇතුලත එකී බදු සහන යටතේ ගෙනැවිත් රාජ්‍ය භාණ්ඩාගාරයට සිදුකල පාඩුව රුපියල් බිලියන ගානක් වන අතර ඉපැයූ අනිසි ලාභය පොල්තෙල් කිලෝවකට රුපියල් විසි පහකි එවන් පොල්තෙල් කෙලෝ ලක්ෂ හැත්තෑවකට රුපියල් විසිපහ ගනනේ අනිසි ලාභය කීයක්ද?( 70,00000 × 25 = 175,000,000.00)        

මෙසේ බදු ගෙවන ඔබේ මුදල් මහ දවාලේ ඇස් පනාපිට සූරාකමින් මේසා විශාල රුදුරු වසංගතයක් හමුවේ අන්ත අසරණව සිටින ජනයා  මිත්‍යාවෙන් අන්ධ කොට දේශපාලකයා සුරක්ෂිත වීම පිණිස එන්නත් කරගැනීමට සැරසෙන  මොහොතක රටේ මහජන ආරක්ෂාව වෙනුවෙන් යෝජිත එන්නත ආනයනය කිරීමට තවත් රුපියල් බිලියන ( 10 ) දහයක මහා නයක් ඉල්ලා සිටිනුයේ ඒකෙනුත් කොමිස් ගසමින් අනගත පරපුරම නය උගුලේ තව තවත් ගිල්වීමටය. අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන එකදහස් නවසීය දහනවයක් (බිලියන  1919) ලෙස පුරෝකතනය කරමින් ගෙවිය යුතු ණය වාරිකය සහ පොළිය රුපියල් බිලියන දෙදහස් එකසීය දාහතක් ( බිලියන 2117) ලෙස තිබියදී සීනි හා පොල්තෙල් මත එකී ගජමිතුරු බදු සහනය දී රාජ්‍ය බදු මුදල් වංචා නොකලේ නම් රටක් ලෙස අපට COVID 19  එන්නත ගෙන්වීමට තවත් ණය ලෙස රුපියල් බිලියන 10ක් කුමකටද?          

රුපියල් කෝටි පනස් හතරදාස් එකසීයක ( කෝටි 54100 ) එනම් රුපියල් බිලියන 541ක බැංකු අයිරාවක් ඇති මහ බැංකුවක් හිමි රටේ මේසා විශාල බදු අලාභයක් සිදුවී ඇති මොහොතක සතොස සභාපති නුෂාඩ් පෙරේරා ඉවත්කිරීමෙන් හෝ ඉවත් වීමෙන් සිදු වූ අලාබය හානිපූර්ණය කල හැකිද? බදු ගෙවන ඔබේත් මගේත් අනාගත මතු පරපුරේ හෙට දවසේ ඉරණම කෙසේ විසදේදැයි ඔබ සිතුවාද?

IMG 20201226 WA0006සුමුදු මද්දුමආරච්චි මිලානෝඉතාලිය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න