කොවිඩ් ආශ්‍රිත මෘතදේහ ආදාහනය හෝ භූමිදානය සම්බන්ධව ව්‍යාජ පුවත් සමාජගත නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
සෞඛ්‍ය අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම් විසින් එම නිවේදනය නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.
කොවිඩ් - 19 වෛරසය ආසාදිත වී මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමිදානය හෝ ආදාහනය කිරිම සම්බන්ධව සමහර දේශපාලනඥයින් සහ වෙබ් අඩවි විසින් වැරදි ප්‍රචාර සිදු කරන බවට පෙනී ගොස් ඇත.
එහිදී දේශපාලන අරමුණින් ආණ්ඩුවට සම්බන්ධ ප්‍රභල දේශපාලන චරිත ඈදාගෙන සමහර වෙබි අඩවි නිර්මාණය කරන ව්‍යාජ පුවත් පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.
දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති සියළු විශේෂඥ වාර්තා අනුව කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී මියයන සියළු දෙනාගේ මෘත ශරීර ආදාහනය පමණක් සිදු කෙරෙන අතර, සෞඛ්‍ය ප්‍රතිපත්ති දේශපාලන අරමුණින් යුතුව විකෘති කරමින් ව්‍යාජ පුවත් සමාජ ගත කිරීමෙන් වැළකී සිටින ලෙස සියළු පාර්ශ්වයන්ගෙන් සෞඛ්‍යඅමාත්‍යාංශය ඉල්ලා සිටියි.

