මෙරට ප්‍රධාන ධාරාවේ මෘද්‍රිත මාධ්‍ය ආයතනයක් වන විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජේවර්ධන විසින් "ඉරිදා ලංකාදීප" පුවත්පත සඳහා ප්‍රධාන කතුවරයෙකු සෙවීමට ගෙන ඇති බව වාර්තා වෙයි.
ඊට හේතුව ලෙස විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරන්නේ මේ වන විට ඉරිදා ලංකාදීප පුවත්පතේ කර්තෘ ලෙස කටයුතු කරන ආරියනන්ද දොඹගහවත්ත දැඩි ආණ්ඩු හිතවාදී කෝටිපති ව්‍යාපාරිකයකු විසින් ආරම්භ කර ඇති මාධ්‍ය ජාලයක උපදේශක ලෙස යාමට නියමිත බවට දැනගන්නට ලැබී ඇති නිසාය.
ජේෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත ඉරිදා ලංකාදීප පුවත්පතේ කර්තෘ ලෙස කටයුතු කළත් ඒ ස්ථිර සේවකයකු ලෙස නොව කොන්ත්‍රාත් පදනමින්ය.
මේ මස (දෙසැම්බර් ) 31 වනදායින් එකී කොන්ත්‍රාත් කාලය අවසන් වන අතර ලංකාදීප පාලනාධිකාරිය නව කර්තෘ වරයෙකු සෙවීම කඩිනම් කර ඇත්තේ ඒ අනුවය.
මේ අතර විජය පුවත්පත් සමාගමේ කොන්ත්‍රාත් සේවකයන්ගේ අදාළ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමට එහි මානව සම්පත් කළමනාකරු විසින් අවශ්‍ය ඇගයීම් වාර්තා කැඳවා ඇති අතර එහිදී ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත වෙතින් ඵලදායී සේවයක් ආයතනයට නොලැබී ඇතැයි පාලනාධිකාරිය වෙත දන්වා ඇති බවත් වාර්තා වෙයි.
ඒ ඉරිදා ලංකාදීප පුවත්පත පසුගිය කාලයක සිට දිගින් දිගටම වෙළඳපොල තුළ පසුබෑමට ලක්ව ඇති බවට අලෙවි දත්ත ඇතුළත් වාර්තාවක්ද යොමුකරමිනි.
එහෙයින් නියත වශයෙන්ම ඉරිදා ලංකාදීප පුවත්පත සඳහා නව ප්‍රධාන කතුවරයෙකු බඳවා ගැනීමට නියමිතව ඇති බව අප ආරංචිමාර්ග පවසයි.
සිරිගේ කැමැත්ත සිසිරට : ප්‍රේමකීර්ති සහ ආනන්දත් සූදානම් ශරීරෙන් !
එම ආරංචිමාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ විජය පුවත්පත් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජේෂ්ඨ මාධ්‍යවේදී සිරි රණසිංහ විසින් මව්බිම පුවත්පතේ සම කර්තෘ සිසිර පරණතන්ත්‍රි එකී තනතුර සඳහා ගැළපෙන බවට පාලනාධිකාරියට දැනුම්දී ඇති බවය.
එසේම මේ වන විට ලංකාදීප ඇතුළු විජය පුවත්පත් සමාගමේ සිටින ඉරිදා ලංකාදීප සම කර්තෘ ලෙස කටයුතු කරන ප්‍රේමකීර්ති රණතුංග සහ දේශය පුවත්පතේ කර්තෘ ලෙස කටයුතු කරන රන්ජිත් ආනන්ද ජයසිංහ ද ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘවීමේ අපේක්ෂාවෙන් සිටින බවත් දැනගන්නට ඇත.
කෙසේ වුවත් ප්‍රේමකීර්ති රණතුංග දැඩි පාඨලී චම්පික රණවකවාදියකු වීමත් රන්ජිත් ආනන්ද ජයසිංහ , ඉන්දියාවේ ලංකා මහ කොමසාරිස් ලෙස කටයුතු කරන මිලින්ද මොරගොඩගේ අති සමීපතමයකු සහ ඔහුට අයත් පාත්පයින්ඩර් ආයතනයේ කටයුතු වලට සම්බන්ධ බවට පාලනාධිකාරියට දැනගන්නට ලැබී ඇති තොරතුරු නිසා ඔවුන්ට අදාළ තනතුර ලැබීම සැකසහිත බවත් අප ආරංචිමාර්ග සඳහන් කරයි.

