සතොස සහ ලක් සතොස ආයතනයන්හි සභාපති ධුරයෙන් ඉවත් කරන ලද නුෂාඩ් පෙරේරා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ සභාපති වරයා ලෙස පත් කර තිබේ.
එම කාර්යාංශය මීට පෙර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන යටතේ පැවති අතර පසුව ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා යටතට ගනු ලැබිණ.
සතොස නව සභාපති ලෙස පත්කර ඇත්තේ හිටපු නියෝජ්‍ය බන්ධනාගාර කොමසාරිස් වෙනුර ගුණවර්ධන සතොස නව සභාපති ලෙස පත්කර ඇති අතර හිටපු ආරක්ෂක බලකා අණදෙන නිලධාරී ආනන්ද පීරිස් ලක් සතොස නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
රට තුළ මහත් ආන්දෝලනයකට හේතු වූ සීනි ආනයන බදු වංචාව සම්බන්ධයෙන් නුෂාඩ් පෙරේරාගේ සම්බන්ධය හෙළිදරව් කරමින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක අයවැය විවාදයේදී මුළින්ම කරුණු හෙළි කළ අතර ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවකදී වැඩි දුරටත් කරුණු තහවුරුකරන ලදී.
නුෂාඩ් පෙරේරා සතොස ආයතනයෙන් ඉවත් කිරීම සිදුවුයේ ඉන් පසුවය. නමුත් ඔහු පසුව සඳහන් කර සිටියේ තමාව අස්කළා නොව රාජකාරි බහුල බැවින් ඉල්ලා අස්වූ බවයි.

