කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ මළසිරුරු සම්බන්ධ තීරණය ආණ්ඩුව කඩිනමින් ගතයුතු බවත් සියලු ජනකොටස් සමග සාකච්ඡා කිරීමෙන් පසු පොදු එකඟතාවයකට පැමිණ එය ගතයුතු බවත් සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත්කර ඇත.
අද (28) එම නිවේදනය නිකුත්කර ඇත්තේ කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ දේහ ආදාහනය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය පැහැදිළි කරමින්ය.
ඊට අනූව ඉකුත් 23 වැනිදා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වගෙන් පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එය ඒකමතිකව අනුමත වී තිබේ.
මෘතදේහයන් ආදාහනය කරන්නේද භූමදානය කරන්නේ ද යන්න තීන්දු කිරීම ඒ ඒ ජනකොටස්වල අයිතිවාසිකමක් බවත් විශේෂ අවස්ථාවකදී රජය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර බෞද්ධ, හින්දු, කතෝලික සහ මුස්ලිම් ආගමික නායකයින් සමග සාකච්ඡා කළයුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වී තිබේ.
එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ගේ අත්සනින් නිකුත්කර ඇති එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.



