පොදුජන පෙරමුණ පක්ෂයට බලය හිමි රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 06කින් පරාජයට පත්වී ඇති බව වාර්තා වෙයි.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 11කුත් අයවැයට විරුද්ධව ඡන්ද 17කුත් ලැබී ඇති අතර මන්ත්‍රීවරු දෙදෙනෙකු ජන්දය භාවිතා කිරීමෙන් වැළකී සිට ඇති බවත් වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිරෝධායනය වෙමින් සිටි මන්ත්‍රීවරයෙකුද මෙහිදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සභාවට ගෙන්වා තිබී ඇති අතර ඒ සඳහා සෞඛ්‍ය අංශවල අවසරයද ලැබී ඇති බවත් දැනගන්නට ඇත.
එම ප්‍රාදේශීය සභාවේ සංයුතිය පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 15ක් , එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 09ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රී ධුර 04ක්, ජනතා විමුක්ති පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායමකට එක් මන්ත්‍රී ධුරය බැගිනුත් ලෙස සභිකයින් 30 දෙනෙකු නියෝජනය වන ලෙස පවතී.
මෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා අයවැය සඳහා සභාවට පැමිණෙමින් සිටියදී සුදු පැහැදි මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඔහුව පැහැරගෙන ගොස් පහරදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහු රුවන්වැල්ල පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

