කොවිඩ් 19 ආසාදනයවීම හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය කිරීම සාධාරණ නොවන බවට ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාව නිවේදනය කර සිටියි.
කොවිඩ් 19 ආසාදනයවීම හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය කිරීම අත්‍යාව්‍ය බවට සදහන් කරමින් 2020 අප්‍රේල් මස 11 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරන ලද්දේ ඒ මොහොතේ තිබූපූර්ව ආරක්ෂිත පියවරක් ලෙස බැවින් මාස 08 කට පසුව පවත්නා තත්ත්වය යටතේ සිදුකර ඇති පර්යේෂණ අනුව සිරුරු භූමිදානය නොකර ආදාහනය කිරීම සම්බන්ධව මෙහිදී අවධානය යොමුකර ඇත.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ යම් කොන්දේසිවලට යටත්ව හෝ මේ අවස්ථාවේදී ඒ ඒ ආගමික විශ්වාසයන් මත පදනම්ව කොවිඩ් මරණ භූමිදානය කිරීම හෝ ආදාහනය කිරීමට ඉඩදිය යුතු බවය.
ඒ අනුව කල්පවත්නා අපාරගම්‍ය ද්‍රව්‍යවලින් සාදන ලද මුද්‍රා තැබූ මිනී පෙට්ටි, නිශ්චිත මුස්ලිම් සුසාන භූමි තුළ ජල මුද්‍රා තැබූ කොන්ක්‍රීට් සොහොන් හෝ පෙර සැකසූ ජල මුද්‍රා තැබූ කොන්ක්‍රීට් සොහොන් යන ක්‍රියාමාර්ග ගත හැකි බවත් ඒ සම්බන්දයෙන් සොයාබැලීමට භූවිද්‍යා හා වසංගත රෝග පිළිබඳ විශේෂඥවරුන්ගෙන් හා ඒ හා දැනුමැති වෛද්‍යවරුන්ගෙන්ද, ආගමික නායකයන්ද ඇතුළු කමිටුවක් පත් කිරීමට නොපමාව කටයුතු කරන ලෙසටද අදාල නිවේදනයේ සඳහන් වෙයි.
ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාවේ අන්තර් ආගමික සබදතා අනුකමිටුව නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.








