මැදදුම්බර අයවැයත් පරාදයි !

මැදදුම්බර අයවැයත් පරාදයි !

පොදුජන පෙරමුණ  බලය දරන මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ 2021 වසර සඳහා  අයවැය ලේඛනය ද බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ විරෝධය හේතුවෙන් සම්මත කරගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වෙයි.

එසේම එම ප්‍රාදේශීය සභාවේ සභාපති අශෝක සමරකෝන් විසින් නීති විරෝධී ආකාරයට අයවැය සම්මත කරගැනීමට උත්සාහ කරන බවටද චෝදනාවක් මන්ත්‍රීවරුන් එල්ලකර සිටියි.
 
ඒ හේතුවෙන් 2021 සඳහා මැදදුම්බර ප්‍රාදේශීය සභාව වෙත සභාපති විසින්  කළ අයවැය නොසුදුසු බවත්,  2020 දෙසැම්බර් 30 වනදා දෙවන වර කියවූ 2021 අයවැය ට සභාවේ මන්ත්‍රීවරුන් 18ක් විරුද්ධව ප්‍රතික්ෂේප කළ බව සඳහන් අත්සන් ලේඛනයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සහ පළාත් පාලන  කොමසාරිස් වෙත යැවීමටද මන්ත්‍රීවරුන් පිරිස කටයුතු කර ඇත.
 
මේ සම්බන්ධව අප වෙත අදහස් දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පවසා සිටියේ මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීධුර 33ක් වන අතර ඒ අතුරින් එක්සත් ජාතික පක්ෂයේ 4ක්, පොදුජන පෙරමුණේ 12ක්, ජනතා විමුක්ති පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 2ක සමඟ 18 දෙනෙකු 2021 අයවැයට විරුද්ධවූ බවයි.
 
මැදදුම්බර ප්‍රාදේශීය සභාවට අයත් 2021 වසර සඳහා වන අයවැය සභාපතිවරයා පසුගිය දෙසැම්බර් 8 පළමුව සභාවට ඉදිරිපත් කල අතර එහිදී එය පරාජය වීම හේතුවෙන් ඔහු  ඊට පසු අවස්ථාවක නීති විරෝධී අයුරින් සම්මත කරගැනීමට උත්සාහ කළ අතර එයද පරාජය කළ බවත්,  අද (30) දින සිදුවීමෙන් අයවැය නිශ්චිතව පරාජය කල බව තහවුරු කල බවත් පැවසීය.
 
මේ සම්බන්ධව සුදුසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පළාත් ආණ්ඩුකාර සහ පළාත් පාලන කොමසාරිස් වෙත අත්සන් ලේඛනයක් සහිතව දැනුම්දුන් බවත් අදාළ මන්ත්‍රීවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න