සෞඛ්‍ය අමාත්‍යාංශයට P.C.R. යන්ත්‍රයක් ගැනීමට පෞද්ගලික ධන පරිත්‍යාගයක්

සෞඛ්‍ය අමාත්‍යාංශයට P.C.R. යන්ත්‍රයක් ගැනීමට පෞද්ගලික ධන පරිත්‍යාගයක්

කොවිඩ් -19 පරීක්ෂණ වාර්තා ලබාගැනීමට අවශ්‍ය P.C.R. යන්ත්‍රයක් මිලදී ගැනීමට කටයුතු කරන ලෙස දන්වමින් විශ්‍රාමික සිවිල් ඉංජිනේරුවරයෙකු වන පී.එච්.ඩී.වෛද්‍යතිලක  විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රුපියල් ලක්ෂ 70 ක පෞද්ගලික ධන පරිත්‍යාගයක් සිදු කරන ලදි.

ඊට අදාල චෙක්පත පී.එච්.ඩී.වෛද්‍යතිලක විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  වෙත අද දින (30) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ලබාදෙන ලද අතර, සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් එම චෙක්පත සෞඛ්‍ය සංවර්ධන අරමුදලට බැර කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ  වෙත භාරදෙන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ ලේකම් එස්.ඒ.ධර්මවර්ධන යන මහත්වරුන් සහභාගි වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න