සංචාරයන්ගෙන් කොවිඩ් එන්න දෙන්නේ නෑ : ඇමතිගෙන් සහතිකයක් !

සංචාරයන්ගෙන් කොවිඩ් එන්න දෙන්නේ නෑ : ඇමතිගෙන් සහතිකයක් !

මෙරටට පැමිණෙන සංචාරකයෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වුවහොත් ඔවුන් පිළිබද ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් පුර්ව සූදානමක් ඇති බවත් ඒ අනුව යුක්‍රේනයෙන් පැමිණි කෝවිඩ් ආසාධිත බව තහවුරු වූ සංචාරකයන් තිදෙනා පිළිබද ඉදිරි පියවර සෞඛ්‍ය බළධාරීන් විසින් ගෙන ඇති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය සංචාරකයින් මෙරටට ගෙන්වීමේ නියාමන ව්‍යාපෘතියට කිසිදු බදාවක් ඇති නොකරන බවයි. 

පෙරේදා (28) මෙරටට යුක්‍රේණයේ සිට පැමිණි සංචාරකයන් 180 දෙනාගෙන් තිදෙනෙකුට කොවිඩ් ආසාධනය වීම පිළිබදව අදහස් පල කරමින් ඇමතිවරයා මේ බව සදහන් කලේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැකුවූ ඇමති ප්‍රසන්න රණතුංග මෙසේද කීවේය.

“ සංචාරකයන්ට අපි රට විවෘත කරන්න තීරණය කලේ මෙවැනි තත්ත්වයන්ට මූණ දීම සදහා පූර්ව සූදානමක් ඇතිවයි.  සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා  කරලා ඒ සදහා අවශ්‍ය ක්‍රමවේද අපි සකස් කරලයි තිබුනේ. මෙරටට පැමිණීමට පෙර මෙම සංචාරකයන් පූර්ව පී.සී.ආර් පරික්ෂාවකට ලක් කලා.  එහිදි ඔවුන් ආසාධිත බව තහවුරුවී තිබුනේ නැහැ. ඉන් පසුව ලංකාවට ආවාම නැවත පී.සී.ආර් පරීක්ෂාවට ලක්කලා. එයින් තමා තහවුරු වුනේ තිදෙනෙක් පොසිටිව් කියලා. දැන් ඒ අය සම්බන්ධව සෞඛ්‍ය අංශ ඉදිරි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ඉතා වගකීමෙන් කියන්නේ මේ පැමිණෙන සංචාරකයන් මෙරට වැසියන් සමග සම්බන්ධ වන්නේ නැහැ. ඒ  නිසා මෙරට වැසියන්ට සංචාරකයන්ගෙන් රෝගය බෝවීමේ අවධානමක් නෑ. මේ සංචාරකයන් පැමිණෙන හෝටල් වල සේවකයන් පවා අදාල හෝටල්වලින් සංචාරකයන් පිටව ගිය පසු දින 14ක් නිරෝධායනය කර පී.සී.ආර් පරික්ෂාවකට ලක්කරනවා.  සංචාරකයන් හෝටල් වල රැදීසිටින කාලය තුලත් එම හෝටල් සේවකයන්ට ඉන් පිටව යාමට නොහැකියි. මේ තත්ත්වයට අපි සූදානමින් සිටියේ. ඒ නිසා සංචාරකයන් ගෙන්වීමේ නියාමන ව්‍යාපෘතියට කිසිම බාධාවක් නැ. සැලසුම් කල පරදි එය ක්‍රියාත්මක වෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න