බඩු ශුවර් : ආදාහනය ද භූමිදානය ද ? අලිසබ්‍රිගේ සහතිකය මෙන්න !

බඩු ශුවර් : ආදාහනය ද භූමිදානය ද ? අලිසබ්‍රිගේ සහතිකය මෙන්න !
කුමන හෝ ගැටළුවක් සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගන්නේ කිසිඳූ ජන කණ්ඩායමකට බලපෑමක් නොවන ලෙස බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි පවසයි.
 
කොරෝනා ආසාදිත මෘත දේහ සම්බන්ධයෙන් මේවන විට රට තුල මතුව ඇති දැඩි කථාබහ සම්බන්ධයෙන් නෙත් නිවුස් කල විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියා ඇත.
 
කොරෝනා ආසාදිත මෘත දේහ සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගන්නේ විද්වත් කමිටුවේ නිර්දේශ මත පදනම්ව පමණක් බව ඔහු එහිදී ඔහු අවධාරණය කළේය.
 
ඕනෑම තීරණයකින් කිසිඳු විටක ජන කොටසක් පීඩනයට පත් නොවන ලෙස එම තීරණ ගන්නා බව ද අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි වැඩිදුරටත් පැවසිය.
 
කොරෝනා ආසාදිත මෘත දේහ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මීට පෙර විද්වත් කමිටුවක් පත් කර තිබිණ. එමඟින් ඔවුන් තීරණය කර තිබුණේ කොරෝනා ආසාදිත මෘත දේහ භූමදානය නොකල යුතු බවයි.
 
 මෘත දේහ වල ඇති වෛරස් කාණ්ඩ භූගත ජලයට එක් වීමට ඇති අවධානම ඊට හේතුව ලෙසද ප්‍රකාශ කර තිබිණ.
 
 කෙසේ වෙතත් කොරෝනා ආසාදිත මෘත දේහ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යළිත් වරක් විශේෂඥ කමිටුවක් පත් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න