සමාජයීය සංස්කෘතික හා ආගමික සහජීවනයෙන් යුතුව කටයුතු කිරීම ඔස්සේ ශ්‍රී ලාංකිකජාතිය ලෙස එක්ව රට ගොඩනැගීමට එළැඹෙන මෙම නව වසර අවස්ථාවක් කරගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටින්නේ 2021 නව වසර වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩය නිකුත් කරමින්ය. අදාළ සම්පුර්ණ පණිවිඩය පහත දැක්වෙයි.
සෞභාග්‍යයේ බලාපොරොත්තු පිබිදෙන 2021 නව වසරට සුභාශිංසනපළ කරනුයේ ඉමහත් සතුටිනි. සුරක්ෂිතදේශයක් වෙනුවෙන් අපගේ මාතෘභූමියේ අනාගතය උදෙසා ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසයසහෘදව සිහිපත් කරමු.
නව රජයේ මේදක්වා ගෙවී ගිය කාලය ඉතා කෙටි වුවද එම කාලය ජනතාවගේ අභිලාශයන් වෙනුවෙන් යෙදවීමටහැකිවීම අභිමානයකි.වසර පහකකාලයක් ඇණහිට තිබූ රටේ මානව හා භෞතික සංවර්ධන කටයුතු සඳහා නැවත පණ දීමට අපටහැකිවිය. මැදහත්ව ඒ දෙස බලා ජනතාවට සතුටු විය හැකිය.
ලොව අන් සියලුරටවල් මෙන්ම කොවිඩ්-19 වයිරසයේ අභියෝගයට අප ද මුහුණ දෙමින් සිටියි. වයිරසයේ බලපෑමඅවම කිරීම වෙනුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල,ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලුආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරීන් හා කාර්ය මණ්ඩල විසි හතර පැයේ නිරත මෙහෙවර අපමණය.
රජය කොව්ඩ්-19වසංගතය කළමනාකරණය කිරීම වෙනුවෙන් ජනතාව මත බර නොවැටෙන පරිදි උපරිම මැදිහත්වීමටදායක වී සිටියි.
සෞඛ්‍යමාර්ගෝපදේශ පිළිපදින විනයගරුක ජනතාවගෙන් රජයට ලැබෙන සහයෝගය ද සුළුපටු නැත. නව වසරේ රටහමුවේ ඇති මෙම අභියෝග එක්ව ජයගත හැකිය.
දේශීයත්වයටමුල් තැන ලැබෙන රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තිමය දැක්ම තුළ නව ආර්ථික හා සංවර්ධනවිප්ලවයක් රට තුළ ඇතිවන බව ස්ථීරය. ඒ තුළ ඔබගේත්රටේත් අනාගතය සුභවාදීව දියුණුවන සෞභාග්‍යමත් දේශයක් උදාවනු ඇත.ඉතා ලඝු වූකාරණා අරඹයා තවදුරටත් අප බෙදී වෙන්වී සිටිය යුතු නැත.
අද අප මෙමමාතෘභූමිය වෙනුවෙන් වෙහෙසෙන්නේත් කැපවන්නේත් අපේ මතු පරපුරේ දරුවන්ගේ අනාගතයවෙනුවෙනි.
ඒ නිසාසමාජයීය සංස්කෘතික හා ආගමික සහජීවනයෙන් යුතුව කටයුතු කිරීම ඔස්සේ ශ්‍රී ලාංකිකජාතිය ලෙස එක්ව රට ගොඩනැගීමට එළැඹෙන මෙම නව වසර අවස්ථාවක් කරගන්නැයි සමස්තජනතාවගෙන් ඉල්ලා සිටිමු.
අභිමානවත් ශ්‍රීලාංකික සියලු ජනතාවට නිරෝගීමත් සුබ නව වසරක් වේවා ! යි ප්‍රාර්ථනා කරමි.

