සිනමාහල් සඳහා ඩලස් සහනයක් !

සිනමාහල් සඳහා ඩලස් සහනයක් !

කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් ගෙවීමට නොහැකි වූ හිඟ විදුලි බිල්පත් පියවීම වෙනුවෙන් සිනමා ශාලා හිමියන්ට  සහන කාලසීමාවක් ලබාදිමට, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම  තීරණය කර තිබේ.

ඒ අනුව 2020 මාර්තු මස සිට දෙසැම්බර් මස දක්වා ගෙවීම් නොකරන ලද විදුලි බිල්පත්, 2021 වසරේ දෙසැම්බර් දක්වා වූ කාලසීමාව තුළ, සමාන වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව අදාළ සිනමාහල් හිමියන්ට ලබාදී තිබේ. 

මෙම කාලසීමාව තුළ හිඟ බිල්පත් මත විදුලිය විසන්ධි කිරීමෙන් වලකින ලෙස අමාත්‍ය ඩලස් අලහප්පෙරුම  විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට උපදෙස් දී ඇත.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ ක්ෂේත්‍රයන් මෙන්ම ශ්‍රි ලංකාවේ චිත්‍රපට කර්මාන්තය ද විශාල අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දුන් බවත්, විශේෂයෙන්ම මෙම තත්ත්වය යටතේ සිනමාහල් හිමියන් මුහුණ දෙන ආර්ථික අභියෝග මෙන්ම නවීන ඩිජිටල් ප්‍රක්ෂේපණ යන්ත්‍ර ඇතුළු තාක්ෂණික මෙවලම්  දිගු කාලයක් අක්‍රීයව තැබීමෙන් දෝෂ ඇතිවීම සැලකිල්ලට ගනිමින්, චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ සහ චිත්‍රපට ප්‍රදර්ශනකරුවන්ගේ සංගම් මගින් කළ ඉල්ලීම් ද සලකා බලමින් මෙම සහනය ලබාදීමට තීරණය කළ බව, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අවධාරණය කරයි.ඒ අනුව  ජාතික චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි, දිවයින පුරා පිහිටා ඇති සිනමා ශාලා 194 ක ට පමණ මෙම විදුලි බිල්පත් ගෙවීමේ සහනය හිමි වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න