සේනා දළඹුවාගෙන් සමස්ත බඩ ඉරිගු වගාවේ 5% හානියක් සිදු වි ඇති බවත් , බඩ ඉරිගු වගාවෙන් හානියට පත් ගොවින්ට වන්දි ගෙවිමට රජය සුදානම් බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ පැවසිය.
මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ (02) දින නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යයාලයේ පැවති විශේෂ මාධ්‍යය හමුවකදිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ,
"මේ පාර බඩ ඉරිගු වගාවේ හොද අස්වැන්නක් ලැබිලා තියෙනවා, හෙක්ටයාර් එක්ලක්ෂ පනස් දහසක් පමණ වගාකරන්න කටයුතු කරලා තියෙනවා ගොවින් විසින්.
බලාපොරොත්තු නොවු පරිදි සේනා දළඹුවා බඩ ඉරිගු වගාවට බාධා එල්ල කරලා තියෙනවා.
කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට තාක්ෂණ නිලධාරින් සම්බන්ධ කරගෙන ගොවින් දැනුවත් කරලා , අවශ්‍යය නාශක ද්‍රව්‍යය ටික දිලා මේක පාලනය කරගන්න යම්තාක් දුරට කටයුතු කරලා තියෙනවා.
සමස්ත හානිය වගාවෙන් 5% පමණ තමයි සිදු වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි පරික්ෂණ පවත්වලා හානියක් සිදු වෙලා තියෙනවා නම් ඒ සදහා වන්දි ගෙවන් අපි කටයුතු කරලා තියෙනවා.
යුධ හමුදාපතිවරයාගේ මැදිහත්විම මත රුගන්ඩාවෙන් කණ්ඩායමක් ලංකාවට පැමිණිලා තිබුණා ඔවුන් අපෙන් ඉල්ලිමක් කරා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව සමග සාකච්ඡාවකට.
සාකච්ඡාවෙන් පසු ඔහුන් අනුරාධපුර ප්‍රදේශයේ නිරික්ෂණයක් සිදු කරා.
නමුත් මාධ්‍යය මගින් අසත්‍යය ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා රුගන්ඩාවෙන් බෙහෙත් ගෙනල්ලා මෙහේ බෙදුවා කියලා. ඒක සම්පුර්ණ අසත්‍යයක්.
ඔවුන්ගේ වියදමින් මෙහෙට ඇවිල්ලා අපිට සහය දිමක් පමණයි සිදු කරේ.
සේනා දළඹුවාගේ බලපැම නතර කිරිමට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව සහ රජය හැටියට කටයුතු කරගෙන යනවා.
අපිට කිසිදු අවශ්‍යතාවයක් නැ බඩ ඉරිගු ආනයනය කරන්න , මේ කන්නයේ හොද බඩ ඉරිගු අස්වැන්නක් තියෙනවා " යනුවෙනි.

