අලුත්ම රාජකීය ජෝතිෂ්‍යවේදියා මාතර චමින්ද කපුතැන !

අලුත්ම රාජකීය ජෝතිෂ්‍යවේදියා මාතර චමින්ද කපුතැන !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ නවතම  ජෝතිෂ්‍යඥයා සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

 ඒ මාතර වල්ගම චමින්ද කපුතැන වන අතර  අග්‍රාමාත්‍යවරයාට තිබූ දනහිස් ආබාධයද සුවකළේ තමන් බව ඔහු පවසන බවත් දැනගන්නට ඇත.
 
වැඩිදුරටත් වාර්තා වන තොරතුරු අනූව මාතර වල්ගම චමින්ද කපුතැන මීට පෙර " චමින්ද සර්" නමින් ඉංග්‍රීසි විෂය සඳහා ටියුෂන් පංති පැවැත්වූ අයෙකි.
 
නමුත් ඔහුගෙන් ඉගෙනගත් සිසුන් ඉහළ ප්‍රතිඵල නොලැබීම හේතුවෙන් ටියුෂන් පංති රැකියාව අසාර්ථකව නවතා දමා ඇත.
 
පංති නැවතීම නිසා ආදායම් අහිමිව තිබූ වටිනා මෝටර් රථයත් අහිමිව සිටි "චමින්ද සර්"  ක්ෂණිකව දේව වරමක් ලබා "චමින්ද කපුතැන " වී ඇත.
 
ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ පසුගිය දෙසැම්බර් 31 වනදා 6 වෙනි වතාවටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහල් හතරකින් යුතු චමින්ද කපුතැන ගේ දේවාලයට පැමිණි බවයි.
 
 ඊට පෙර පැමිණි අවස්ථාවේ දනහිස් ආබාධය හේතුවෙන් අත්වාරුවකින් පැමිණි අග්‍රාමාත්‍යවරයා 6 වෙනි වතාවේ අත්වාරුවක් නොමැතිව දේවාලය වෙත පැමිණි බවත් ඒ චමින්ද කපුතැන ඔහුව සුවපත් කළ නිසා බවත් ඒ ආරංචි මාර්ග පවසයි.
 
එසේම වැඩිදුරටත් වාර්තා වන්නේ අග්‍රාමාත්‍යවරයා පමණක් නොව පොලිසියේ ඉහළම නිලධාරියකුද චමින්ද කපුතැන ගේ ප්‍රධාන දායකයකුව සිටින බවයි.
 
පසුගිය සමයේ ආණ්ඩු හිතවාදි  භික්ෂුන් වහන්සේලා කිහිපනමක්ම සඳහන් කර සිටියේ ජනාධිපතිට ජෝතිෂ්‍ය උපදෙස් දෙන්නේ අනුරාධපුරයේ ඥානක්කා ගුරුමෑණි බවය. ඒ අනුව දැන් වාර්තා වන්නේ අග්‍රාමාත්‍යවරයා ගේ ඒ තැන චමින්ද කපුතැන ලබා ඇති බවය.

IMG 20210103 WA0000

 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න