මැතිවරණ විහිළු නවතමු : ඇමති ඩලස් ඉල්ලයි !

මැතිවරණ විහිළු නවතමු  : ඇමති ඩලස් ඉල්ලයි !

"සමස්ත රටම කොවිඩ් 19 වසංගතය විසින් වෙලාගෙන සිටින තත්ත්වය යටතේ මේ වනවිට මැතිවරණයක් පැවැත්වීමේ වාතාවරණයක් නැහැ. ජනාධිපතිතුමා රටට පැහැදිළි පොරොන්දුවක් දීලා තිබෙනවා, කොට්ටාශ මත පදනම් වු සමානුපාතික නියෝජන ක්‍රමයේ සාදනීය ලක්ෂණ රැකෙන මැතිවරණ ක්‍රමයක් හදුන්වලා දෙනවා කියලා. අපේ රටේ  ප්‍රධාන දේශපාලන ආයතන 04 ක් තිබෙනවා. විධායකය, පාර්ලිමේන්තුව, පළාත්සභා  සහ පළාත් පාලන ආයතන වශයෙන්. විධායක ජනාධිපති ක්‍රමය සදහා ලෝකයේ සෑම රටකටම එකම ආකාරයක් තිබෙනවා. නමුත් ලංකාවේ අනෙක් ආයතන තුනේ තිබෙන්නේ එකිනෙකට වෙනස් ක්‍රම තුනක්. ලෝකයේ ලොකුම දේශපාලන විහිළුවකට හොඳම උදාහරණයක් තමයි මේ" යනුවෙන් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි. "

රටේ වගේම ජනතාවගේ වුවමනාව රටේ සුළුතරය මෙන්ම සුලු මතවාද වලට ඇහුම්කන් දෙන කොට්ඨාශයටම වගකියන, මන්ත්‍රීවරයෙක්. කොවිඩ් කියන්නේ විශ්වීය මාරයෙක්.

සමස්ත රටම කොවිඩ් උවදුරෙන් වෙලාගෙන සිටින මේ වගේ අවස්ථාවක මැතිවරණයක් වෙනුවෙන් සටන් පාඨ කියනවාට වඩා කොවිඩ් උවදුරෙන් ගැලවීමට මාර්ග සෙවීමයි වැදගත් වන්නේ.

අපි කිසිසේත්ම මැතිවරණ කල් දාන්නේ නැහැ. පළාත්සභා පනතේ දුර්වලතා මත තමයි ප්‍රමාදයන් සිදුවී තිබෙන්නේ" යැයිද ඔහු සඳහන් කරයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, පසුගියදා කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කඹුරුපිටිය නගර සංවර්ධන කමිටු රැස්වීම අමතමිනි. මෙහිදී වැඩිදුරටත් ‍අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

කඹුරුපිටියෙ අපට තිබෙන ප්‍රධානතම අභියෝග වලින් එකක් තමයි නගර සංවර්ධනය. බාලගිරි දෝෂය වගේ වසර ගණනාවක් මේ වනවිට මෙම සංවර්ධන කටයුතු කල්ගොස් තිබෙනවා. ඒ වගේම මෙම ප්‍රදේශයේ ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙන්ම දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු සදහාත් ප්‍රමුඛතාවය ලබාදිය යුතු  වෙනවා.

ඉදිරි මාස 04 ඇතුලත මෙතෙක් කලක් අතපසුවූ, අපට කිරීමට නොහැකිවූ කඹුරුපිටියේ සියලු සංවර්ධන ව්‍යාපෘති හදුනා ගනිමු, සැලසුම් කරමු, ඒවා ආරම්භ කරමු. ඒ වෙනුවෙන් ඔබ සැමගේ කැපවීම අත්‍යාවශ්‍යයි"

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න