විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණ නිරෝධායනය කරවීම සම්බන්ධව ආණ්ඩුවේ අභ්‍යන්තරයේ පැවති සීතල ගැටුමක් මේ වන විට වඩාත් උණුසුම්ව දේශපාලන කරලියට පැමිණ ඇත. ඒ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති සටහනක් පදනම් කර ගනිමින්ය.
සමාජ මාධ්‍ය සටහන තුළ නාමල් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ පසුගිය සමයේ යම් යම් හෝටල්වලින් නිරෝධායනය වෙනුවෙන් ලබා ගත් අයකිරීම් ගැන විමර්ශනය කළ යුතු බවය. එසේම විදේශ ශ්‍රමිකයින් අධික මිලට හෝටල්වල නිරෝධායනය කිරීම නවතා දැමිය යුතු බවත් මුදල් ගෙවා හෝටල්වල කරන නිරෝධායනය නවතා රජය විසින් නොමිලේ සියලුම ශ්‍රමිකයින් නිරෝධායන කළ යුතු බව ද අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසා සිටින්නේ මීට පෙර අදාළ නිරෝධායන ක්‍රියාවලිය ආශ්‍රිතව කටයුතු කලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හිතවත් පාර්ශව බවත්, එවැනි පසුබිමක නාමල් අමාත්‍යවරයාගේ මේ ක්ෂණික නැගී සිටීම රාජපක්ෂ පවුලේ ඇති දේශපාලන සීතල යුද්දයක්ද ? ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ගේ ගැටුමක්ද යන්න සම්බන්ධව විමසිලිමත් විය යුතු බවයි.
මේ අතර ශ්‍රි ලාංකිකයින් මෙරටට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැකියා පවා අහිමිව අන්ත දුක් විදින තත්වයක් තුල , යුක්‍රේන ජාතිකයින් පිරිසක් ගුවන් යානා කිහිපයකින් මෙරටට රැගෙන ඒම පිලිබදව විදෙස්ගත ශ්‍රී ලංකික ශ්‍රමිකයන්ගේ දැඩි විරෝධයක් ගොඨාභය රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව එල්ල වෙමින් පවතී. යුක්‍රේන සංචාරකයින් සදහා කිසිදු නිරෝධායන ක්‍රියාවලියක් අනුගමනය නොකරමින් දක්වන සැලකිල්ල රටට ඩොලර් ගෙන එන රට විරුවන් ලෙස හැඳින්වූ මෙම රජය බලයට ගෙනඒමට ඡන්දය ලබාදුන් තමන්ට නොලැබෙන්නේ මන්දැයි ඔවුන් ප්‍රශ්න කර සිටියි. මේ සම්බන්ධව srilanka brief. org වෙබ් අඩවිය විශේෂ වාර්තාවක් සකස් කර ඇති අතර ඒ "රට විරු-වරියන්ට ඇර යුක්රේනියානුවන්ට රට ඇරීම; සංක්‍රමණික ශ්‍රමිකාවියෝ ජනපතිට සාප කරති! " යන ශීර්ෂයෙන් යුතුවය.
ඊට විදෙස් ගත ශ්‍රමිකයන් සමාජ මාධ්‍ය වෙත මුදාහළ වීඩියෝ පට කිහිපයක් ද ඇතුළත්. වඩාත් අනුවේදනීය සිදුවීම වන්නේ ඇතැම් කාන්තාවන් මේ වනවිට මෙරටට පැමිණීමට මුදල් සෙවීම සදහා තම ඇඟ විකුණන තත්වයට පත්ව ඇති තත්ත්වයක් උද්ගතව තිබීමයි.

