කොවිඩ් -19 වෛරස් රෝගය හේතුවෙන් අත්හිටුවා ඇති පාසල් ක්‍රිඩා තරඟ නැවැත ආරම්භ කිරීමේ ඇති හැකියාව පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුලු ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පවත්වා ඇත.
ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ , හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික කුමාර සංගක්කාර සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක්වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
මෙම සාකච්ඡාවේ දී සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් පෙන්වා දෙන ලද්දේ වෛරසයේ අවධානම වැඩි බස්නාහිර පළාත හැර පිට පළාත් වල පාසල් ක්‍රීඩා ආරම්භ කිරීමේ හැකියාවක් ඇති බවත්, බස්නාහිර පළාත ඇතුලුව හුදකලා කර ඇති ප්‍රදේශ වල ළමුන් කිසිදු ආකාරයකින් ක්‍රීඩා තරඟ සදහා සම්බන්ධ නොකර ගත යුතු බවත්ය.
කිසියම් හෝ අයුරකින් එවැනි අවධානම් ප්‍රදේශවල දරුවන් ක්‍රීඩා තරඟ වලට එක් වුවහොත් වෛරසය ව්‍යාප්තියක් සිදු විය හැකි බව ද පෙන්වා දෙන ලදි. දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් මළල ක්‍රිඩා පැවැත්වීමේ ඇති හැකියාව පිළිබදව ද මෙහිදී සාකච්ඡා වූ අතර, කණ්ඩායම් ක්‍රීඩා, පාසල් බිග් මැච් තරගාවලි පැවැත්වීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය. සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දෙන ලද්දේ වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් තොරව ක්‍රීඩා තරග පැවැත්වීම කාලෝචිත බවයි. රෝගී ලක්ෂණ පෙන්නුම් කරන මෙන්ම රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් කිසිසේත් ක්‍රිඩා තරගවලට යොමු නොකළ යුතු බවත්, දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති මාර්ගෝපදේශ ද අවශ්‍යවන පරිදි යාවත්කාලීන කරමින් ක්‍රමාණුකූලව පාසල් ක්‍රීඩා තරඟ ආරම්භය කෙරෙහි අවධානය යොමු වීමේ ඇති වැදගත්කම ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්වා දෙන ලදි.
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුලු ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්පවසා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වෙමින් පාසල් ක්‍රීඩා ආරම්භ කිරීමේ ඇති හැකියාව පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර අවබෝධයක් ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වූ බවත්, මෙම සාකච්ඡාවේ කරුණු අනුව පාසල් ක්‍රීඩා ආරම්භ කිරීමට අදාල ජාතික වැඩසටහනකට යාමට අදහස් කරන බවයි.

