ජනමාධ්‍ය නිදහසට බාධාවක් ලෙස සැළකෙන පුවත්පත් මණ්ඩල නීතිය තව
මෙම සංශෝධනය මගින් පුවත්පත් මණ්ඩලය නව මාධ්‍ය සම්බන්ධයෙන් විනිශ්චය ආයතනයක් බවට පත් කිරීමට නියමිත බවත් එහි සඳහන් අතර වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

ප්‍රමුඛ පෞද්ගලික මුද්‍රිත මාධ්‍ය ආයතන දෙක සිරිමා බණ්ඩාරනායක ආන්ඩුව රජසතු කිරීමෙන් පසු මෙම නීතිය 1973 දී මෙම නීතිය බලාත්මක කරන ලද්දේ රාජ්‍ය මාධ්‍ය සමතුලනය කිරීමට යැයි කියමිනි.
නමුත් මේතාක් දුරට එය පැවත ඇත්තේ බොහෝ දුරටම අක්‍රීය ආයතනයක් ලෙසිනි. ඊට හේතු වුයේ එම පනත මාධ්‍ය මර්දනයේ මෙවළමක් විය හැනි යැයි මෙරට ජනමාධ්‍ය සංවිධාන විසින් ගෙන යන ලද මතවාදයයි.
අද එහි සභාපති වන්නේ මහ මැතිවරණ සමයෙහි ප්‍රසිද්ධියේ රාජපක්ෂවරුන් වෙනුවෙන් දේශපාලනය කල මහින්ද පතිරණය. රාජ්‍ය තොරතුරු දෙපාර්ථමෙන්තුවේ ප්‍රධානියා වන නාලක කළුවැවද එහි පාලන අධිකාරියේ සාමාජිකයෙකි.
විද්‍යුත් හා නව මාධ්‍ය ආවරණය කිරීම සඳහා පුවත්පත් මණ්ඩලය “ව්‍යුහාත්මකව ප්‍රතිසංස්කරණය හා ප්‍රතිසංවිධානය” කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය පසුගිය 04දා අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව මේ සඳහා අදහස් ලබා ගැනීම සඳහා “විද්වත් කමිටුවක්” පත් කැරෙනු ඇත.
“වෙබ් අඩවි නියාමනය කිරීමේ යාන්ත්‍රණයක් ඉදිරි සති දෙක තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය” යනුවෙන් නොවැම්බර් අවසාන සතියේ මාධ්‍ය අමාත්‍යවරයා වන කෙහෛළිය රඹුක්වැල්ල ප්‍රකාශයක් කළේය.
ඉන් සති කිහිපයකට පසු සමාජ මාධ්‍ය වේදිකා භාවිතා කරන්නන් නියාමනය කිරීමට රජය බල්පොරෙත්තු වන බවට කළ ප්‍රකාශය වෙනස් කරමින් පසු ඔහු තවත් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, “රජය සලකා බලන්නේ විදේශීය ඩිජිටල් ක්‍රියාකරුවන් ලියාපදිංචි කිරීම මිස සමාජ මාධ්‍ය සහ ඩිජිටල් වේදිකා භාවිතා කරන්නන් නොවන” බවයි.
පුවත්පත් මණ්ඩල පනත අහොසි කර යුතු බවට මෙරට ජනමාධ්‍ය සංවිධාන සහ මාධ්‍ය හිමිකරුවන් ප්‍රකාශ ගණනාවක්ම කාලයක් පුරා නිකුත් කරමින් සිටිති. එනමුත් ස්වාධීන ජනමාධ්
සමාජ මාධ්‍ය පාලනය කිරීම ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ හදිසි කාරියක් සේ පෙනනන බව මේ පිළිබඳව ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත අදහස් දැක්වූ වෙබ් සංස්කාරකවරයකු පැවසීය.
මේ අතර එම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීම රාජ්‍ය රෑපවාහිනී සංස්ථාව ඍජුවම ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට ගැනීම පිනිස සංසෝධනයක්ද ඇති කිරීමට තීරණය කර තිබේ.

රාජ්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සඳහා “ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය” නමින් නව ආයතනයක් පිහිටුවීමටත් එහිදී තීරණය කර තිබේ.



