විශාකා විදුහල්පතිනිය, ස්ථාන මාරුවෙන් පැමිණි ගුරුවරයාට තර්ජනය කරයි

විශාකා විදුහල්පතිනිය, ස්ථාන මාරුවෙන් පැමිණි ගුරුවරයාට තර්ජනය කරයි

අධ්‍යාපන ලේකම්ගේ ස්ථාන මාරු නියෝගයට අනුව කොළඹ ශාන්ත පාවුළු බාලිකා විදුහලේ සේවයේ නියුතු එච්.ජී. වසන්ත මහතා කොළඹ විශාකා විදුහලට ස්ථාන මාරුවක් ලබා ඇත.  2020.09.02 දිනැති එම ස්ථාන මාරු ලිපියට අනුව එච්.ජී, වසන්ත මහතා 2021.01.04 වන දින වැඩභාර ගැනීමට විශාකා විදුහලට ගිය අවස්ථාවේදී විශාකා විදුහලේ විදුහල්පතිනය වන සඳමාලි අවිරුප්පල මහත්මිය විසින් ශාන්ත පාවුළු විද්‍යාලයේ විදුහල්පතිනියගේ නම සඳහන් කරමින් ඇගේ ගෝලයන්ට මෙම පාසලේ වැඩභාර නොදෙන බව පවසා ඔහු විසින් ගෙනෙන ලද සේවයෙන් නිදහස් කිරීමේ ලිපිය ඇගට විසිකර දමා, පාසලේ ආරක්ෂකයින් 04 දෙනෙකු තම කාර්යාලයට ගෙන්වාගෙන තර්ජනය කොට විදුහල්පති කාමරයෙන් එළියට ඇද දැමීමට උත්සාහ කර ඇත.

විශාක විදුහල්පතිනය විසින් ගුරුවරයෙකුට සිදු කරන ලද මෙම අපහාසාත්මක කි‍්‍රයාව ලංකා ගුරු සංගමය දැඩි පිළිකුළෙන් හෙළා දකින අතර,  විශාකා විදුහලේ විදුහල්පතිනිය ගුරු මාරු අධ්‍යක්ෂවරියගේ ද නම සඳහන් කරමින් ඇයට ද දැඩි ලෙස බැනවැදී ඇතැයි ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. 

එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි. 

මේ සම්බන්ධයෙන් එච්.ජී. වසන්ත මහතා අධ්‍යාපන ලේකම්වරයාට 2021.10.05 දිනැතිව ලිඛිත පැමිණිල්ලක් කර ඇති අතර, 2021.01.05 දිනම රාජකාරියට වාර්තා කිරීමට ඉඩ නොදීම මත  බම්බලපිටිය පොලීසියට  CIB I 180/22 අංකයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කොට ඇත. විශාකා විදුහලේ විදුහල්පතිනයගේ අත්තනෝමතික කි‍්‍රයාකාරීත්වයන් සම්බන්ධයෙන් විවිධ පැමිණි ඉදිරිපත්ව තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශය ඇය සම්බන්ධයෙන් සහනශීලී පියවරක් අනුගමනය කිරීම  බරපතල පක්ෂපාතී තත්වයකි.

විශාකා විද්‍යාලයේ 2019 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සිදු වූ අක‍්‍රමිකතා පිළිබඳ චෝදනා 15 ක් අඩංගු චෝදනා පත‍්‍රයක් රාජ්‍ය සේවා කොමිසම විසින් 2019.09.25 දිනැතිව ඇයට ලබා දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන විනය පරීක්ෂණය මේ දක්වා අවසන් කොට නැත. ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා ඉදිරිපත් වී තිබියදී 2021 ට අදාළ ළමුන් ඇතුළත් කිරීමේ කි‍්‍රයාවලියට ඇය ඇතුළත් නොකළ යුතු බවට ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාට සහ රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයාට පැමිණිලි කරන ලදී. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම 2020.07.07 දිනැතිව ESC/GEN/01/09/2019 අංකයෙන් යුතු ලිපියක් අධ්‍යාපන ලේකම් වෙත යොමු කරමින් ඒ සම්බන්ධයෙන් වන නිරීක්ෂණ අධ්‍යාපන ලේකරම්වරයාගෙන් ඉල්ලා තිබුණි. ඒ සම්බන්ධයෙන් ද කිසිදු කි‍්‍රයාමාර්ගයක් මේ දක්වා ගෙන නැත.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සේවය කරන මෙම විදුහල්පතිනියට චෝදනා පත‍්‍රයක් තිබියදී හා මෙලෙස අත්තනෝමතිකව කටයුතු කරද්දී  ඇය ජනාධිපතිවරයා විසින් 2169/2 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රයෙන් පත් කරන ලද ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකාවක් ලෙස ද පත් කර තිබීම ගැටලූකාරී තත්වයකි.  

මෙයට,
 
ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න