අලි සබ්‍රි ගෙනා පනත් සංශෝධනය ඒකමතිකව සම්මතයි !

අලි සබ්‍රි ගෙනා පනත් සංශෝධනය ඒකමතිකව සම්මතයි !

දණ්ඩ නීති සංග්‍රහය, සාක්ෂි ආඥා පනත් කෙටුම්පත හා ඇප සංශෝදන  පනත කෙටුම්පත අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි  විසින් ඊයේ (06) පාර්ලිමේන්තුවට දෙවන වර විවාදය සදහා ඉදිරිපත් කිරීම සිදු කරන ලද අතර එය ඒකමතිකය සම්මත වී ඇත.

 දණ්ඩ නීති සංග්‍රහ පනත් කෙටුම්පතේ සහ සාක්ෂි ආඥා පනතේ යල් පැන ගිය වචන හා යෙදුම් වෙනුවට කාලීන වචන හා යෙදුම් එක් කිරීම මෙම සංශෝධනය මගින් සිදු කෙරුණි.

මෙහි විශේෂත්වය වනුයේ යටත් විජිත සමයේ භාවිතා කළ දණ්ඩ නීති සංග්‍රහ පනත් කෙටුම්පතේ සහ සාක්ෂි ආඥා පනතේ තිබු යල් පැන ගිය දැනට භාවිතා නොකරනු ලබන වචන හා යෙදුම් වෙනුවට කාලීන වචන හා යෙදුම් එක් කිරීම සිදු කිරීමයි.නිදහසින් පසුව ගතවු වසර 72 ක කාල සීමාව තුළ දී මෙවැනි සංශෝදනයක් සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

මේ බව අධිකරණ අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක සඳහන් වන අතර එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

ඒ අනුව සාක්ෂි ආඥා පනත් කෙටුම්පතේ මෙතෙක් අන්තර්ගතව තිබු ’’ මහ රැජිණට විරුද්ධව සටන් කිරීම’’ යන වචනය වෙනුවට ‘’ජනරජයට එරෙහිව සටන් කිරීම’’ යන වචනය ආදේශ කිරීම සිදු කරනු ලැබු අතර එම පනත් වල ‘’මහ රැජිණ’’ යන වචනය ඇති ස්ථානවලට ‘’ජන රජය යන වචනය ආදේශ කිරීම සිදු කළ බව අධිකරණ අමාත්‍යාංශය සදහන් කරනවා.

මේ අතර මෙම පනත් වල තිබු ‘’ලංකාව’’ යන වචනය වෙනුවට ‘’ශ්‍රී ලංකාව’’ යන වචනය ආදේශ කිරීම සිදු කළ අතර ‘’ශ්‍රී ලංකා ආණ්ඩුව’’ යන්න වෙනුවට ‘’ශ්‍රී ලංකාවේ ආණ්ඩුව’’ යන වචන ආදේශ කිරීමත් ‘’ආණ්ඩුකාරයා’’ යන වචනය වෙනුවට ‘’ජනාධිපතිවරයා’’ යන්නත් ‘’ප්‍රඥප්තිය’’ යන වචනය වෙනුවට ‘’රීති හා නියෝග’’ යන්න ලෙසත් යාවත්කාලීන වීම සිදු විය.

යටත් විජිත සමයේ දී මෙම පනත්වලට ඇතුළත් කර තිබු’’ සිවිල් සේවය ‘’යන වචනය වෙනුවට’’ ශ්‍රී ලංකා පරිපාලන සේවය’’ යනුවෙන් ද ‘’පොලිස් විදානේ’’ යන වචනය වෙනුවට ‘’ග්‍රාම සේවා නිලධාරී’’ යන්නත් ‘’භාර්යාවගේ’’ යන වචනය ඇති තැන්වල ‘’කාලත්‍රයාගේ’’ යනුවෙනුත් සංශෝදනය විය.

 එමෙන්ම ‘’ලංකාවේ හෝ එහි යම් කොටසක හෝ මහ රැජිණගේ රාජධානි හෝ දේශ භූමි මහ රැජිනට අහිමි කිරීම’’ වෙනුවට ‘’ශ්‍රී ලංකාවේ හෝ එහි යම් කොටසක හෝ ශ්‍රී ලංකා ජන රජයේ ජනතාවගේ පරමාධිපත්‍යය ඔවුන්ට අහිමි කිරීම’’ යනුවෙන් ද ‘’අග්‍රාණ්ඩුකාරයාගේ හෝ සෙනෙට් සභික’’ යන වචනය වෙනුවට ‘’ජනාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රි’’ලෙසත් හා තවත් එසේ පැවති යල් පැන ගිය වචන කිහිපයක් වෙනස් කිරීම මෙම පනත් කෙටුම්පත් සංශෝධනයත් සමග සිදුව තිබෙනවා.

ඇප පනතට ඇතුළත් කරන ලද සංශෝධන මගින් ඇප නියෝග කඩ කිරීම සදහා නියම ව තිබු දඩවල ප්‍රමාණය ඉහළ දැමීමත් සිදු විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න