Language Switcher

V2025

රට විරුවන් අනාථයි : විදේශිකයන්ට මුල්‍ය නගරයේ රැකියා - ඉරාන් හෙළිකරයි !

"දේශප්‍රේමය ගැන.සිංහලයා ගැන. රටේ ජනතාවට සෞභාග්‍ය උදාකරනවයි පොරොන්දු වූමේ ආණ්ඩුවත් හකුරුහදන්නා රජතුමාව රැවට්ටුවා වගේ  69 ලක්ෂයේජනතාව රැවට්ටුවා. CIFC වරාය තුළ ඉදිකරන මහල් නිවාස සංකීර්ණ සඳහා පමණක් ඇයි විශේෂ බදු සහනයක් දෙන්නේ? ඉන් පිටත නිවාසවලට බදු සහන නොදෙන්නේ ගජමිතුරු කම නිසා ද.එපමණක් නොව වරාය නගරයේ පුහුණු,නුපුහුණු හා සුදු කර පටි රැකියාවලට පවා විදේශිකයන්ට බදු විරාම සමග අවස්ථා දෙන්නටත් යනවා.  කොරෝනාව නිසා රැකියා අහිමිවු රටවිරුවන් ඇතුළු ලක්ෂගණන් ස්වදේශිකයන් සිටියදී මෙසේ දෙන්නේ ඇයිදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියි.

ඒ  උපායමාර්ගික සංවර්ධන පනත යටතේ කොළඹ වරාය නගරයට වසර 15 කට බදු විරාම ලබා දීමේ යෝජනාඇතුළු මුදල් පනත් කිහිපයක සංශෝධන පිළිබඳ අද (07) පැවති විවාදය අවස්ථාවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. මේ ආණ්ඩුවේ වැඩ දකිනවිට මට මතක් වෙන්නේ රජතුමාට සුදු හකුරු දුන්න කතාව. උඩට සුදු උඩු වියන්,  බිමට පාවඩ එළලා හදන නිසා හකුරුත් සුදු වෙන බවකියලයි රජතුමාව රැවට්ටුවේ. රජතුමා ගිහින් බැලුවම තමයි දැක්කේ කොච්චර අපිරිසිදුවටදහකුරු හදන්නේ කියලා.

ඇයි බොරු කිව්වේ කියලා ඇහුවම හකුරු හදන මනුස්සයා කිව්වේ,"රජතුමනි, කියනකොට එහෙමයි - කරනකොට මෙහෙමයි " කියලා. මේ ආණ්ඩුවත් ඒ හකුරුහදන්නා රජතුමාව රැවට්ටුවා වගේ තමයි 69 ලක්ෂයේ ජනතාව රැවටෙව්වෙත්. කතා කලේ දේශප්‍රේමයගැන. සිංහලයා ගැන. රටේ ජනතාවට සෞභාග්‍ය උදාකරන්න. ඒත් දැන් මොකක්ද කරමින් ඉන්නේ.මම මේ සභාවේ අවධානයට යොමුකරනවා, කොළඹ ජාත්‍යන්තර මූල්‍යනගරය ඉදිකිරීමට අදාළව නිකුත්කර ඇති ගැසට් පත්‍රය. දිනය 2020 නොවැම්බර් 24.   

ගැසට් පත්‍රය නිකුත්කරනිකුත්කර තිබෙන්නේ 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ. කොළඹජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (CIFC ),  මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක්. ව්‍යාපෘතියේ වාණිජමෙහෙයුම් මාස 96 කින් ආරම්භ වෙන්නේ. ඒ මාස 96 මාස හතලිස් අටේ ව්‍යාපෘති දෙකක්, එකකට පසුව එකක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ.  

දැන් බලන්න ඒ ගැසට් පත්‍රයේඋප ලේඛනය. ඔන්න ආණ්ඩුවේ දේශප්‍රේමය දෝරේ ගලන අවස්ථාව. මේ CIFC ව්‍යාපෘතිය තුළ තිබෙනවා, පළමු අදියරේ Aශ්‍රේණියේ නවීන කාර්යාලකුළුණක්, නිවාස කුළුණු දෙකක් සහ සිල්ලර වෙළඳ පීඨිකාවක්.දෙවන අදියරේ තිබෙනවා, A ශ්‍රේණියේ නවීන කාර්යාල කුළුණක්, නිවාස කුළුණක් සහසිල්ලර වෙළඳ පීඨිකාවක්.  

දැන් මේ ගැසට් පත්‍රයඅනුව මහල් නිවාස විකිණීමේ දී හැර මේ ව්‍යාපෘතියට වසර 15කසංස්ථාපිත බදු සහනයක්  ලබාදී තිබෙනවා. එතකොටමහල් නිවාස විකිණීමට අදාළ බදු සමා කාලය වසර 6යි. වසර 15ක් ආදායම් බදු නැතුවදආණ්ඩුව යන්න හදන්නේ ? CIFC තුළ ඉදිකරන මහල් නිවාස සංකීර්ණ සඳහා පමණක් ඇයි විශේෂ බදු සහනයක් දෙන්නේ? මොකක්ද විශේෂත්වය. CIFC තුළ සහ ඉන් පිටත මහල් නිවාස සංකීර්ණ වල වෙනසමොකක්ද? ඒ කර්මාන්තයේ නිරත අනෙක් සමාගම් වලටත් මේ බදුසහන දෙනවද ? නැත්නම් මේ තවත් ගජමිතුරු සහනයක්ද ?  

ලංකාවේ රාජ්‍ය ආදායම මේ මොහොතේ පවතින තත්ත්වයසතුටු විය හැකි මට්ටමක නැති බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ගත්ත ණය පොළිය පවාගෙවන්න බැරි තත්ත්වයක තිබෙන්නේ. රට බංකොලොත් වෙන්න ඔන්න මෙන්න. එහෙම පසුබිමක මේමූල්‍ය නගරය ඉදිකරන සමාගමට වසර 15ක බදු සහනයක් දෙන්නේ මොකටද? මොකක්ද තියන පදනම? ඇයි රාජ්‍ය ආදායම, රටේ ආර්ථිකය ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් අවදානමක්තියන විට මෙහෙම කරන්නේ ? 

හැම ආකාරයකම බදු සහනදීලා. මේ නැතිවන ආදායම් කොහෙන්ද ගන්නේ? CIFC හදන්නේ මේ ඉදිකරන සමාගමපොහොසත් කරන්නද? නැත්නම් වෙන කවුරුහරි පිරිසකට කීයක්හරිහොයාගන්න අවස්ථාව සලසන්නද ? මේකත් අර සීනි කෑම වගේද කියන ප්‍රශ්නය තියනවා. 

පොහොට්ටුවේ දේශප්‍රේමය !

මේ ආණ්ඩුවේ දේශප්‍රේමයකියන්නේ ඒකද ?  

මේ මූල්‍ය නගරයේරැකියාවක් කිරීමේ අවස්ථාව ලාංකිකයන්ට හිමිවෙන්නේ කොහොමද ? අන්න එතැනත් ආණ්ඩුවේ දේශප්‍රේමය හොඳට දෝරේ ගලනවා. හැට නව ලක්ෂයේ ජනතාවට මමආරාධනා කරනවා, මිත්‍රවරුනි, හොඳට අහගන්න. 

කොළඹ මූල්‍ය නගරය ආශ්‍රිතමේ ව්‍යාපෘතියේ නිපුණතා නොමැති විදේශිකයන්ට රැකියා කිරීමේ අවස්ථාව දීලා තිබෙනවා.නිපුණතා නොමැති unskilledworkers , ඒ වැඩේට මොකටදවිදේශිකයන්ට අවස්ථාව දෙන්නේ. ඇයි අපේ රටේ රැකියා විරහිත නිපුණතා නොමැති ජනතාව ඒසඳහා යොදවන්න බැරි ? ඔබලා හොඳට අහගන්න, නිපුණතා නොමැති රැකියා 1000ක් තිබුණොත්, හත්සිය පනහයි ලංකාවටහිමිවෙන්නේ. දෙසිය පනහක්ම විදේශිකයන්ට. හතරෙන් එකක් විදේශිකයන්ට අවස්ථාව දීලා.  ඔන්න දේශප්‍රේමය. ඒවිතරක් නෙවෙයි, skilled workers , නිපුණතා සහිත විදේශිකයන් 35% කට මේ තුළ අවස්ථාවදීලා. රැකියා 1000ක් තිබුණොත් රැකියා 350ක් විදේශිකයන්ට. ලංකාවේ අපේ අහිංසක ජනතාවටඅවස්ථාව ලැබෙන්නේ 65%යි. ඒ වගේම තමයි අපි කියන්නේ සුදු කරපටි රැකියා සඳහාත් 25%කටවිදේශිකයන්ට අවස්ථාව ලබාදීලා.

කිසිම බද්දක් මොවුන්ගෙන් අයකරන්නෙත් නෑ.  කොහොමද ආණ්ඩුවේ දේශප්‍රේමය.ඒ විදේශිකයන් ඔවුන්ගේ රටවල හිටියා නම් උපයන විට බදු ගෙවන්න ඕන. නමුත් මූල්‍යනගරයට එන විදේශිකයන් හරි වාසනාවන්තයි, ඔවුන් බදු ගෙවන්න අවශ්‍යනෑ.. දැන් තේරෙනවද අපිකොච්චර අවාසනාවන්තද කියලා. 69 ලක්ෂයේ ජනතාව හිතලා බලන්න. මේ වෙනකොට ගෝලීය වසංගතයනිසා විදෙස් රටවල සේවය කල නිපුණතා සහිත හෝ රහිත ශ්‍රී ලාංකිකයන්  ලක්ෂ ගණනින් රැකියා අහිමි වෙලාතියනව. ඉස්සර කියන්න තිබුණා, නිපුණතා සහිත සේවකයන් අපිට අඩුයි කියලා.නමුත් දැන් කොරෝනා නිසා තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. රටේ ලක්ෂ ගණනක් ජනතාව රැකියානැතුව, ආදායම් මාර්ග අහිමිව හෙට දවස ගෙවාගන්න බැරුවජීවත් වෙනකොට මෙන්න දේශප්‍රේමය විකුණගෙන බලය ගත්ත ආණ්ඩුව විදේශිකයන්ට බුරුතුපිටින් රැකියා දෙන්න අරගෙන. මැද පෙරදිග රටවිරුවන් අද කන්න නැතුව සෞඛ්‍ය ආධාර නැතිව ඔවුන් ඉතා අවදානම් තත්ත්වයකයි සිටින්නේ.  

එකත් දෙන්නේ අර මමමුලින් සඳහන් කළා වගේ ලංකා ආණ්ඩුවට කිසිම ආදායමක් නොඑන්න ගිවිසුම් ගතවෙලා. ඔබලාටමතකද මහින්ද පාලන සමයේ චීන ජනාධිපතිත් ඇවිත් ආරම්භ කල port city ගිවිසුම තුළ චීන සමාගමටසින්නක්කරව ඉඩම් පිරිනමලා තිබුනේ. අපි තමයි, සින්නක්කර ගිවිසුම් වෙනස් කරලා බදු පදනමට ගිහින් ඒ ඉඩමත් බේරාගත්තේ.  නමුත් කියන්න කණගාටුයි, එදා අපේ පාලන සමයේ අපි විකුණනවා කියලා බොරු කන්දක් කියපුආණ්ඩුව, දැන් බලය අරගෙන රැකියා ටිකත් විදේශිකයන්ට දීල.හරි පැහැදිලිව කියන්න ඕන අපේ රටේ ජනතාවට රැකියා ප්‍රශ්නයක් නැත්නම් විදේශිකයන්ටරැකියා දීමේ ප්‍රශ්නයක් නෑ. නමුත් මේ අපේ ජනතාව අන්ත අසරණ වූ අවස්ථාවක්.  "අන්න කියනකොට එහෙමයි -කරනකොට මෙහෙමයි"න්‍යාය. අපේ රටේ මිනිස්සු හරිපව් නේද ? දැන් 69 ලක්ෂයට ආණ්ඩුවෙන් අහන්න ප්‍රශ්නයක්තියනවා. මේකද ඔබලා කිව්ව දේශප්‍රේමය ? කියලා.

CICT ට දෙන අදහා ගත නොහැකි බදු සහනයක් ! 

ඒ වගේම තමයි, අපි අවධානය යොමුකළ යුතු තවත් වැදගත් කරුණක් තියනවා. එයත් අයත් වන්නේ මේ ක්‍රමෝපායසංවර්ධන ව්‍යාපෘති පනත යටතට. ඒ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන්නේ 2020 නොවැම්බර්16.

ඒ හරහා CICTනැත්නම් ColomboInternational Container Terminalsවෙත දෙනවා අදහාගතනොහැකි සියයට සියයක රේගු  බදු සහනයක්.  ඉතාම සැකසහිතයි මේ බදුසහනය.

මම කියවන්නම්, ඒ සඳහා ගැසට් පත්‍රයේ සඳහන් වගන්ති.  

1) මෙහි සඳහන් දින සිටඅවුරුදු 2ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව තුළදී නිෂේධන ලේඛනයේ සඳහන්අයිතම හැර ව්‍යාපෘති සමාගමේ ධාරිතාව පුළුල් කිරීම සඳහා අවශ්‍ය සියලු උපකරණ අමතරකොටස් උපාංග තීරුබදු ගෙවීමෙන් නිදහස්.. 

2) ව්‍යාපෘතිය පුළුල්කිරීමේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා සහ නවීකරණය කිරීම සඳහා අවශ්‍ය වන බැංකු ඇපකරපදනමක් යටතේ මෙහි සඳහන් දිනට පෙරාතුව දැනටමත් ආනයනය කර ඇති අයිතම රේගු බදුගෙවීමෙන් නිදහස් වන්නේය. 

මේක පුදුම ආණ්ඩුවක්.ගැසට් පත්‍රය නිකුත් කල දිනට පමණක් නෙවෙයි, ඊට පෙර කවදා ආනයනය කරලාතිබුණත් රේගු බදු වලින් නිදහස් කරලා. ඒ ප්‍රශ්නය එතැනින් ඉවර නෑ. 

ගැසට් පත්‍රය නිකුත්කරන  ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත එන්නේ 2008දී. CICT - Colombo International ContainerTerminals මේ රටේ මෙහෙයුම් කටයුතුසඳහා එකතු වෙන්නේ 2013 වසරේදී. අලුත් සමාගමක් නම් බදු සහනයක් ලබාදීම පිළිගන්නපුළුවන්.  

නමුත් 2013 දී ආව ,  මේ වන විට ලාභ ලබමින් මෙහෙයුම් කටයුතු සිදුකරන සමාගමකට මේ 100%ක රේගු බදුසහනයක් දෙන්නේ මොන පදනමින්ද  ? දැන් ඊට පෙර මෙහෙයුම් ඇරඹු south asia gateway terminals වගේ සමාගම් වලටත් මේසහනය දෙනවද ?  

මේ නැතිවන රාජ්‍ය ආදායම නැවත ලබන්නේ කොහොමද ? මේ ප්‍රශ්න වලට ආණ්ඩුව ජනතාවට  උත්තර දෙන්න ඕන. මේබදු සහන ඉතාම සැකසහිතයි. system change කිව්වේ මේකටද? මේ වැරදි ක්‍රමවේද  නිසා වන්දි ගෙවන්නවෙන්නේ  අපේ අහිංසක ජනතාවට වගේමඅනාගත පරම්පරාවට.