‘එයාර් ටෙල්’ කුලුනට එරෙහි විරෝධය රූගත කළ මාධ්‍යවේදියාට තර්ජන !

‘එයාර් ටෙල්’ කුලුනට එරෙහි විරෝධය රූගත කළ මාධ්‍යවේදියාට තර්ජන !

ජාතික මට්ටමේ වේවා, ප්‍රාදේශීය තලයේ වේවා වාර්තාකරණයේ යෙදෙන උතුරු නැගෙනහිරපලාත්වල මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුකෙරෙන අඩන්තේට්ටම්  දිගටම සිදුවෙමින් පවතී. 

මෑතම සිදුවීම වී ඇත්තේ විදුලි සංදේශ කුළුණක් ඉදිකිරීමට එරෙහිව නැගෙනහිර පලාතේ කරන ලද උද්ඝෝෂණයක් වාර්තා කිරීමේ යෙදී සිටි 'සිරස' මාධ්‍ය ජාලයේ වාර්තාකරුවකුට ඉඩමේ බදු හිමියා විසින් තර්ජනය කිරීමයි. 

මාධ්‍යවේදී කුහදාසන් සුබෝජන් විසින් කරදියනාරු පොලිසියට පැමිණිලි කර ඇති පරිදි ‘එයාර් ටෙල්’ ඉන්දීය විදුලි සංදේශ සමාගම විසින් සම්ප්‍රේෂණ කුළුණක් ඉදිකිරීම නවතා ලන ලෙස බලකරමින් පැවති විරෝධතාවක් ඔහු විසින් වීඩියෝ ගත කොට තිබේ.  සෞඛ්‍ය හා පාරිසරික හානි සිදු වනු ඇති බවට උද්ඝෝෂණයේ යෙදුනු  ගම්වාසීන් බිය පල කර ඇත. 

මහජන අදහස් ප්‍රචාරය කිරීමේ අරමුණින් වාර්තාකරණයේ යෙදී සිටි මාධ්‍යවේදී සුබෝජන් ගේ වීඩියෝ ගත කිරීම බලහත්කාරයෙන් නවතා, ඔහුගේ කැමරාව උදුරා ගැනීමට තැත් කළ ඉඩම් හිමියා පටිගත කරන ලද දර්ශන මකා නොදමන්නේ නම් බරපතල ප්‍රතිපල උදාවනු ඇති බවට තර්ජනය කර තිබේ.                                                        

මාධ්‍ය නිදහස බරපතල ලෙස තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකාව දේශසීමා නොමැති වාර්තාකරුවෝ (RSF) සංවිධානයේ ශ්‍රේණිගත කිරීම් අනුව සිටින්නේ 127 වැනි පහල තැනකය.

(The Leader .lk)

xczx

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න