බීබීසී සංදේශයට එරෙහිව දිලිත් ජයවීර පැවරූ නඩුව විසිවෙයි !

බීබීසී සංදේශයට එරෙහිව දිලිත් ජයවීර පැවරූ නඩුව විසිවෙයි !
TNL නාලිකාවේ ප්‍රධානී ශාන් වික්‍රමසිංහ සමඟ පවත්වන ලද සාකච්ඡාවකදී තමන්ට සාපරාධී අපහාස කළ බවට දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රධානී දිලිත් ජයවීර විසින්  බී. බී. සී. සංදේශයට එරෙහිව පවරා තිබූ නඩුව ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට කොළඹ දිසා අධිකරණය අද (12) තීන්දු කළ බව වාර්තා වෙයි.
 
දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රධානී දිලිත් ජයවීර විසින් අධිකරණයට ගොනු කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ  2011 වසරේ බී. බී. සී. සංදේශය සමඟ පැවති සාකච්ඡාවකදී ශාන් වික්‍රමසිංහ විසින්  තමන්ට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ දූෂිතයෙකු බවට චෝදනා කළ බවය.
 
එසේම මුදල් විශුද්ධිකරණය (කළු සල්ලි ජාවාරම), නීති විරෝධී මුදල් ඉපයීම සහ දුමින්ද සිල්වා ඇතුළු පිරිසක් සමඟ කොළඹ සුපිරි හෝටලයක සුඛෝපභෝගී හෝටලයක් මිලට හෝ කුලියට ගැනීම වැනි චෝදනා බී. බී. සී. සංදේශය වැඩසහන ඔස්සේ ශාන් වික්‍රමසිංහ තමන් වෙත එල්ල කළ බවත්ය.
 
shan dilith bbc 1000px
 
තවද  ශාන් වික්‍රමසිංහ හා තවත් අයෙකුට මරණ තර්ජන එල්ල කළ බවටද තමන්ට චෝදනා කළ බව පවසන දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රධානී දිලිත් ජයවීර  ඒ වෙනුවෙන් බ්‍රිතාන්‍ය පවුම් මිලියන දහයක වන්දියක් ලබා දෙන මෙන් අධිකරණයෙන් ඉල්ලා අදාළ නඩුව ගොනුකර ඇත.
 
මෙම නඩුව වසර ගණනාවක් තිස්සේ කොළඹ දිසා අධිකරණයේ විභාගවෙමින් පැවතියේය.  
ජනාධිපති නීතිඥ අලි සබ්‍රි  සහ නීතිඥ සමිත් ප්‍රනාන්දු පසුගිය වසරේ මාර්තු මාසය දක්වා දිලිත් ජයවීර වෙනුවෙන් එම නඩුවට පෙනී සිටි අතර  බීබීසී සංදේශය වෙනුවෙන් පෙනී සිටි බවට වාර්තා වන්නේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාය.
 
දිලිත් ජයවීර පාර්ශවය විසින්  කොළඹ දිස්ත්‍රික් අධිකරණයට ගොනුකළ නඩුව සහ නඩු වාර්තා පහත දැක්වෙයි !
 
WhatsApp Image 2021 01 11 at 8.03.10 PM

WhatsApp Image 2021 01 12 at 21.54.42

WhatsApp Image 2021 01 12 at 21.54.43

WhatsApp Image 2021 01 12 at 21.54.44

WhatsApp Image 2021 01 12 at 21.54.45

WhatsApp Image 2021 01 12 at 21.54.46

WhatsApp Image 2021 01 12 at 21.54.47

WhatsApp Image 2021 01 12 at 21.54.48

WhatsApp Image 2021 01 12 at 21.54.49

 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න