තෛයිපොංගල් සැමරීමට කෝවිල් 100කට ආධාර

තෛයිපොංගල් සැමරීමට කෝවිල් 100කට ආධාර

දුෂ්කර පළාත්වල තෝරා ගත් හින්දු කෝවිල් 100ක් සඳහා එළඹෙන තෛයිපොංගල් දිනය සැමරීම හා පූජා කටයුතු සඳහා රුපියල් 10,000ක් වටිනා චෙක්පත් ප්‍රදානය ඊයේ (12) අරලියගහ මන්දිරයේදී සිදු විය.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සංකල්පයකට අනුව මෙම චෙක්පත් ප්‍රදානය කෙරිණි.

කෝවිල් සඳහා කෙරෙන මෙම චෙක්පත් ප්‍රදානය සංකේතවත් කරමින් අද දින කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර හා ගම්පහ කෝවිල් සඳහා චෙක්පත් ප්‍රදානය කළ අතර අනෙකුත් කෝවිල් සඳහා එම ප්‍රදානයන් දිස්ත්‍රික් මට්ටමින් සිදු වේ.

මෙයට පෙර නව රාත්‍රී උත්සව සමයේ රටපුරා තෝරාගත් කෝවිල් 40කට අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි රුපියල් පනස් දහස බැඟින් ප්‍රදානය කළේය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාගවන් හා අග්‍රාමාත්‍යතුමාගේ වැවිලි ක්ෂේත්‍ර සම්බන්ධීකරණ ලේකම් සෙන්දිල් තොණ්ඩමන් මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න