ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරිණියකට තර්ජනය කර ප්‍රකාශ ලබාගෙන !

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරිණියකට තර්ජනය කර ප්‍රකාශ ලබාගෙන !

යුනිලීවර් සමාගම විසින් මෙරට තුළ නිපදවා බෙදා හරින සබන් නැතහොත් බේදින් බාර් වර්ග තුනක විෂ සහිත රසායනික සංයෝගයක් අඩංගු බවට තොරතුරු රැසක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතියි. 

එසේම එවැනි සංයෝගයක් භාවිතා කරමින් එම සමාගමට අදාළ  නිෂ්පාදන කටයුතු සිදු කිරීමට ඇති බාධාව ඉවත් කර ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් බවට චෝදනාවක් ද එල්ල වී තිබේ. එම චෝදනාවේ මූලික වගඋත්තරකරු බවට පත් වී ඇත්තේ එහි වත්මන් සමාන්‍යාධිකාරීවරිය වන සිද්ධිකා සේනාරනත්ය.

එසේ සමාජ මාධ්‍ය තුළ දිගින් දිගටම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සාමාන්‍යාධිකාරීවරිය සහ ඉහත කී බහුජාතික සමගම අතර ඇති රහස් ගණුදෙනු පිළිබඳ අනාවරණය වීමත් සමග කලබල වු ඔවුන් Sri Lanka Today නම් යූ ටියුබ් නාලිකාවක් සහ එම නමින්ම යුතු ෆේස්බුක් පිටුවක් උපයෝගී කර ගනිමින් ප්‍රමිති ආයතනයට සුදු හුණු ගෑමේ ව්‍යාපෘතියක් දියත් කරනු ලැබ තිබේ. එහි කූඨ ප්‍රාප්තිය පසුගිය දා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අලෙවි අධ්‍යක්ෂිකාව සමග කරන ලද සම්මූඛ සාකච්ඡාවේදී දැක ගත හැකි විය.

එම සම්මුඛ සාකච්ඡාව බලන ඕනෑම කෙනෙකුට වැටහී යනු ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට කිසිදු චෝදනාවක් එල්ල කළ නොහැකි බවය. එහෙත් එම සම්මුඛ සාකච්ඡාවේ පසුබිම් කතාවේ ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි.

ඉහත සමාජ මාධ්‍ය කණ්ඩායම සහ ප්‍රමිති ආයතනයේ සාමාන්‍යාධිකාරීවරිය සම්මුඛ සාකච්ඡාවට සහාභාගි වූ අලෙවි අධ්‍යක්ෂිකාවගෙන් එම ප්‍රකාශ ලබාගෙන ඇත්තේ බලහත්කාරයෙනි. ඒ බව තහවුරු කිරීමට එම සමාජ මාධ්‍ය කණ්ඩායම සහ සාමාන්‍යාධිකාරීවරිය අලෙවි අධ්‍යක්ෂිකාවට තර්ජනය කරමින් ලබා දිය යුතු පිළිතුරු කියා දෙන ආකාරය දැක්වෙන වීඩියෝ ද සහිත හඬපට අප සතුව ඇත.

කෙසේ වෙතත් මෙසේ රාජ්‍ය ආයතනය උසස් නිලධාරිණියක විසින් පිටස්තර කණ්ඩායම්වලද සහයෝගය ඇතිව තවත් තමන් යටතේම සිටින  රාජ්‍ය නිලධාරිණියකට තර්ජනය කරමින් වැරදි ප්‍රකාශ සමාජගත කරවීම අතිශය පිළිකුල් සහගත ක්‍රියාවක් වන අතර ඒ සම්බන්ධයෙන් වගකිවයුතු අංශවල අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය කටයුත්තකි.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න