නීතිඥයන් පොලිස් පරික්ෂකවරුන් ලෙස විභාගයකින් තොරව බදවා ගැනීම ගැටළුසහගතයි - බුදුගල ජිනවංස හිමි

නීතිඥයන් පොලිස් පරික්ෂකවරුන් ලෙස විභාගයකින් තොරව  බදවා ගැනීම ගැටළුසහගතයි -  බුදුගල ජිනවංස හිමි

වත්මන් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත කරන ලද ඉල්ලීමකට අනුව නීතිඥවරුන් 150ක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බඳවා ගැනීමට තීරණය කළ බව ජනමාධ්‍යවල හා සමාජ මාධ්‍යවල සදහන් වන බවත්,  එලෙස බඳවා ගන්නා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකන බව කියවෙන බවත්, මෙම නිළධාරින් බඳවා ගැනීමේ දී සම්මුඛ පරීක්ෂණයක් මගින් බඳවා ගැනීමෙන් පසුව පළාත් නවයම ආවරණය වන පරිදි ඔවුන් සේවයට අනුයුක්ත කිරීමට නියමිත බවත්, විභාග දෙපාර්තමේන්තුව හරහා පවත්වන විභාගයකින් තොරව සම්මුඛ පරීක්ෂණ මගින් පමණක් බඳවා ගැනීමට තීරණය කීරිම ගැටළු සහගත බවත් ජාතිය,ආගම සහ භාෂාව මත විශේෂතාවයක් දක්වා රජයේ නිළධාරින් බදවා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් හෙළ බොදු සවිය පදනමේ සභාපති පූජ්‍ය බුදුගල ජිනවංස හිමියෝ පවසති.

ඒ පිළිබද නිවේදනයක් නිකුත් කරමින් එම හිමියෝ වැඩිදුරටත් මෙසේද සදහන් කරති.‍

ගරු ජනාධිපතිතුමනි, මේ රට පාලනය කිරිමට ඔබතුමාට වසර 5 කට බාරකර ඇත. ලෝකයේ බහුතර සිංහල ජනතාවක් ජීවත් වන රටක් වන්නේ අප රට පමණි. ලෝකයේ බලවත් ජාතින් ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව නැති කිරිමේ උපක්‍රම භවිතා කරන බව ඔබ තුමා නොදන්න කරුණක් නොවේ. මේ ආකාරයට පොලිස් පරික්ෂකවරුන් ලෙස බඳවා ගැනීමේ දි අති බහුතරයක් දෙමළ හා මුස්ලිම් තරුණ නීතිඥයන්ට මෙම අවස්ථාව ලැබෙයි. එක යුගයක මෙවැනි උපක්‍රමයකින් නීති විද්‍යාලයට බහුතර නීති ශිෂ්‍යන් බඳවා ගත් ආකාරයටම මුස්ලිම් නීතිඥයක් පත්වීමත්, වසර 10ක් 15ක් යන විට සියලුම පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් ඉහළ පොලිස් නිළධාරින් වන්නේ ඔහුන්ය . අප රට දෙවිදියටක ත්‍රස්වාදයට මුහුණ දුන් රටකි. කොටි ත්‍රස්වාදයට උදව් කල ඉහළ පොලිස් නිළධාරි සිටි ඇත. අප කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ, මෙම නිළාධාරින් එවැනි සිදු විමකට සම්බන්ධ වන බවට. එහෙත් අප රට තුළ ඉදිරියේ ත්‍රස්වාදයක් ඇති විමට කිසිම ඉඩක් තබා ඔබතුමාගේ පාලනය අවසන් කළ යුතු නැත. ඔබතුමා මහා ත්‍රස්වාදයක් රට තුළින් අවසන් කිරිමට උරදුන් නායකයෙකි. එබැවින් මෙවැනි ජාතිවාදි අදහසකින් රාජ්‍ය නිළධාරින් බඳවා ගැනීම කිසිසේත්ම සුදුසු නැත.

දැනටමත් නීතිවේදය හැදැරූ උපාධිධාරීන් සංවර්ධන නිළධාරින් ලෙස බඳවා ගෙන ඇත. නීතිඥයන් හො සිවිල් නිළධාරින් ලෙස පොලිස් ස්ථානවලට බදවා ගැනි ඉතාම සුදුසුය. එයට හේතුව මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ කරුවන් අල්ලාගෙන අව්දින් සාමන්‍ය පෙල දක්වා උගත් පොලිස් නිළධාරින් විසින් අපරාධකරුවන්ගේ තොරතුරු හා අපරාධය සිදු කළ ආකාරය ලියනු ලබයි. ඉන්පසුව එම ලියවිල්ල අපරාධයේ ප්‍රධාන සාක්ෂියකි. එම ලියවිල්ල හරියට නොලියන අවස්ථාවල දි අපරාධකරුවන් නීතිය හමුවේ නිවැරදිකරුවන් බවට පත්වෙයි.

එම නිසා පොලිස් පරික්ෂකවරුන් ලෙස නොව සිවිල් නිළධාරින් ලෙස බඳවා ගෙන මෙම සිදු කරන මත්ද්‍රව්‍ය, ඇතුළු සියලු අපරාධ කරුවන් නීතියේ රැහැනට හසු කරගැනිමට කටයුතු කිරිම ද එයට එක් භාෂාවක ප්‍රමුඛස්ථානය ලබා නොදි සමස්ත රටේම ජනතාව විභාග දෙපාර්මේන්තුවේ විභාග පටිපාටියට අනුව සිදු කරන ලෙසත් ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. තෙරුවන් සරණයි

බුදුගල ජිනවංස හිමි

සභාපති.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න