කොරෝනා වෛරසයේ සමාජ ව්‍යාප්තියක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
එසේම සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණවලින් 3.5% ත් 4% ත් අතර ප්‍රතිශතයක් පමණක් ආසාදිතයින් ලෙස හඳුනා ගන්නා බවත් ඔහු සඳහන් කර ඇත.
එහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ එම ප්‍රතිශතය 5% ඉක්මවුවහොත් පමණක් සමාජ පැතිරීමක් යැයි හැඳින්විය හැකි බවය.
තවදුරටත් කොරෝනා ව්‍යාප්තිය පාලනය කරගනිමින් පවත්වාගෙන යාමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට හැකිව ඇති බවත් එම තත්ත්වයන් ආරක්ෂා කරගැනීමට ජනතාව මෙතෙක් ලබා දුන් සහයෝගය තවදුරටත් අපේක්ෂා කරන බව ද ඔහු මාධ්‍ය වෙත සඳහන් කර ඇත.