අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් වරයෙකු සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයා වන නීතීඥ චමින්ද කුලරත්නට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.
ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන සංවිධායක කාර්යාලය හා මන්ත්‍රී සේවා කාර්යාලය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවත් වාර්තා වෙයි.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමද කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තිබුණ ද එය ද කල් දමා ඇති බවත් වාර්තා වන අතර පවතින තත්ත්වය මත අත්‍යවශ්‍ය කරුණකට හැර වෙනත් කිසිදු කාරණයකට පාර්ලිමේන්තු සංකීර්ණයට බාහිර පුද්ගලයන් ඇතුළු වීම තහනම් කර ඇති බවත් දැනගන්නට ඇත.
ඒ අනුව එළඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් වාර අවලංගු කිරීමේ තත්ත්වයක් පවතින බවත් දේශපාලන ආරංචිමාර්ග පවසයි.
කොරෝනා පැණි වැඩ නැතිවෙයි !
පසුගිය සමයේ ධම්මික නම් තැනැත්තෙක්ගේ කොරෝනා මර්දන ඖෂධයක් කතානායක මෙන්ම ආණ්ඩුවේ මැති ඇමතිවරු රැසක් පානය කර පෙන්වූ නමුත් ඒ ක්‍රියාව මුළුමනින්ම ජනතාව නොමග යැවූ විගඩමක් බව මේ තුළ පෙනෙන්නට ඇත.
"කොරෝනා එන්නත් අපට එපා- ඒකට වෙන වෙන දේවල් අපට තියනවා " කියා ප්‍රසිද්ධියේ පැවසු වාසුදේව නානායක්කාර ඇමැතිත් මේ වන විට පැණි වෙනුවට රජයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබයි.