අගමැතිගෙන් සිනමාවට බදු සහන !

අගමැතිගෙන් සිනමාවට බදු සහන !

දේශීය සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ගත් තීන්දුවට අදාළව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ දී ලබා දී පසුගිය යහපාලන රජය විසින් අවලංගු කළ බදු සහන නැවත ලබා දීමට ඊයේ(13) දින තීරණය කරන ලදී.

මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, බුද්ධශාසන ආගමික හා  සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන විසින් එම තීරණය ගෙන ඇත.

සිනමා කර්මාන්තයේ නියැලි වෘත්තිකයන් පසුගිය (08) දා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී කළ ඉල්ලීම්වලට අනුව එදින ගත් තීරණවලට අදාළව මුදල් අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයේ සභාපති, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට  ද මෙම සාකච්ඡාවට සහභාගී විය.

මේ අනුව චිත්‍රපට නිෂ්පාදනය සහ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා භාවිතා කරන උපකරණ ආනයනය කිරීමේදී තීරු බදු සහන ලැබෙනු ඇත.

එසේම චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේදී වැය කරන මුදලට බදු සහන සහ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන ආදායමට බදු සහන දීමට ද මෙම සාකච්ඡාවේදී සළකා බලා තිබේ.

මෙම බදු සහන චිත්‍රපට සංස්ථාවේ අනුමැතියට යටත්ව ක්‍රියාත්මක වේ. ඒ අනුව දේශීය සිනමාකරුවන්ට සහ චිත්‍රපට නිෂ්පාදකවරුන් ඇතුළු ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු වෘත්තිකයන්ට  චිත්‍රපට සංස්ථාව ඔස්සේ ඉල්ලුම් කිරීමෙන් රජය විසින් ලබා දෙන මෙම බදු සහන නැවත ලබා ගැනීමට අවස්ථාව උදා වේ.

 අග්‍රාමාත්‍ය ලේකම් - රොහාන් වැලිවිට 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න