මහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත ඔන්ලයින් ලොතරැයියක් අතරමැදියෙකු හරහා අලෙවි කිරීම හේතුවෙන් එම අරමුදලට රුපියල් මිලියන 673ක මුදලක් අහිමි වී ඇති බව වාර්තා වෙයි.
මෙම ලොතරැයිය ආරම්භ කර ඇත්තේ 2013 වර්ෂයේදී වන අතර එවකට පැවතියේ මහින්ද රාජපක්ෂ පාලනයයි.
මැලේසියානු ව්‍යාපාරිකයෙකු විසින් ආරම්භ කරන ලද මෙම ඔන්ලයින් ලොතරැයිය 2015 වර්ෂය වනතුරු ක්‍රියාත්මක වී ඇත. මේ සඳහා දේශීය නියෝජිතයෙකු නම් කර තිබී ඇති අතර ආරම්භයේදි විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කර තිබේ. මෙම මහපොළ ඔන්ලයින් ලොතරැයියට මහපොළ අරමුදල විසින් කිසිදු මුදලක් ආයෝජනය කර නොමැති අතර දෙපාර්ශ්වය ලාභාංශ බෙදා ගන්නා පදනමෙන් ගිවිසුම්ගත වී තිබෙන බව වාර්තා වේ. එහිදි ප්‍රථම වර්ෂයේ ලාභාංශය රුපියල් මිලියන 200ක් වූ අතර වාර්ෂිකව රුපියල් බිලියනයක් ලබා දීමට ලොතරැයි ක්‍රියාකරුවන් එකඟ වී ඇත.
කෙසේ වුවද මහපොළ භාරකාර අරමුදල පවසන්නේ ආයෝජකයින් ලබා දී ඇත්තේ පළමු වර්ෂයේ ලාභාංශ පමණක් බවයි. ඉන් පසුවත් අදාළ මැලේසියානු ආයෝජකයා මහපොළ සන්නාමය යටතේ 2015 වසර තෙක් ලොතරැයිය පවත්වාගෙන ගොස් තිබුණද ලාභාංශ නොගෙවීම නිසා 2015 වසරේදී සන්නාම නාමය ලබා නොදෙන බවට ලිපියක් නිකුත් කිරිම හේතුවෙන් ලොතරැයි අලෙවිය නතර කර තිබේ.
නමුත් කෝප් කමිටුව සඳහන් කරන මිලියන 673ක මෙම මුදල මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට රහසිගතව අහිමි වූ මුදලක් නොවන අතර එම ප්‍රමාණය වසර තුනක් පමණ කාලයක් තුළදී ඔවුන්ට නොලැබුණ ලාභාංශ කොටස පමණි. මේ වන විට මෙම ව්‍යාපෘතියට අදාළසියලු ලේඛන කොළඹ අපරාධ විමර්ශන අංශයට ඉදිරිපත් කර ඇති අතර ආයෝජකයා විසින් සමථයකට පත් කර ගැනීමේ ක්‍රියාවලියට එළඹ ඇත. මේ අතර අදාළ හවුල්කරුවා විසින් ඉදිරිපත් කරන ලද බැංකු අණකරය ඉල්ලා නොසිටීම නිසා අවලංගු වී ඇති බව අදාළ බැංකුව විසින් මහපොළ අරමුදලට දන්වා තිබේ.