උදයංග වීරතුංග නීතියට උඩින් : සීගිරි සිතුවම් ඉදිරියේ ෂූටින් !

උදයංග වීරතුංග නීතියට උඩින් : සීගිරි සිතුවම් ඉදිරියේ ෂූටින් !

යුක්රේන සංචාරකයන් කන්ඩායමක් සමඟ සීරිගිය නැරඹීමට ගිය උදයංග වීරතුංග සීගිරි ලෙන් සිතුවම් නැරඹීමේදී පිලිපැදිය යුතු උපදෙස් නොතකමින් සීගිරි ලෙන් සිතුවම් අභියස සිට ජායාරූප ගෙන ඇතැයි වාර්තා වේ.

උදයංග සමඟ සංචාරකයන් පෙනී සිටින ඡායාරූපයේ පසෙකින් ලෙන තුළ ඡායාරූප ගැනීම තහනම් යැයි සඳහන් පුවරුවද පෙනෙන්නට තිබෙනු දක්නට ලැබේ.

ලොව අට වන පුදුමය ලෙස යුනෙස්කෝව විසින් නම් කර ඇති සිගිරි ලෙන් තුළ ඇති ඉපැරණි සිතුවම්වලට හානි වන නිසා සිතුවම් ඇඳි ලෙන් තුළ සිට ඡායාරූප ගැනීිම තහනම් කර ඇත.

මීට පෙර 2014 වසරේදී පාසල් සිසුවියක් හැට්ට කට්ටකින් සීගිරි කැටපත් පවුරේ තම නම ලිවීමට උත්සාහ කිරිම හේතුවෙන් කැටපත් පවුරට හානි කළ බව සඳහන් කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරනවා යැයි ප්‍රකාශ කරන උදයංග වීරතුංගගේ මෙවැනි නීති විරෝධී හැසිරීම් නිසා සාංචාරක ව්‍යාපාරය කෙසේ වෙතත් වසර සිය ගණනක් සංචාරක ආකර්ෂණය දිනා ගත් සීගිරි ලෙන් සිතුවම් විනාශ වීම අනිවාර්යය බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීහු පවසති.

එමෙන්ම ජනාධිපතිවරයාගේ “එක රටක් එක නීතියක්” යන වැකිය “එක රටක් – නෑයන්ට වෙනම නීතියක්” යනුවෙන් සංශෝධනය විය යුතු බවද ඔවූහු වැඩිදුරටත් කියාසිටිති.

xUdayanga Weeratunga 2021

udayanga ukrain

(lanka  truth )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න