ඇන්ටිජෙන් ගැන පැමිණිලි වැඩිවෙලා : වෘත්තීයවේදීන් ප්‍රසිද්ධියේ කියයි !

ඇන්ටිජෙන් ගැන පැමිණිලි වැඩිවෙලා : වෘත්තීයවේදීන් ප්‍රසිද්ධියේ කියයි !
ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ මගින් තෝරාගන්නා ආසාදිතයන් පිළිබඳව ගැටලු මතුවන බව මහජන පැමිණිලි ලැබී ඇති බවත්  ️ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයක් භාවිතා කරමින් දැඩි තීරණ ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව නැවත සලකා බැලිය යුතුව ඇති බවත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසයි.
 
️බාහිර තත්ව පාළණ ක්‍රමයක් සහ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මගින්  ආසාදිතයන් ලෙස හඳුනාගන්නා අයගේ  වාර්ථා, ස්ථානීය PCR පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමට හැකියාව තිබියදී, ඊට අදාල පහසුකම් ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් සිදු කර නොමැති බවටත් ඔහු චෝදනා කර සිටියි.
 
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවක අදහස් දක්වමින් වන අතර ️PCR රසායනාගාරය රසායනාගාර සඳහා අවශ්‍ය සැපයුම් ජාලය නිවැරදි ලෙස කළමනාකරණය නොවීමෙන් අද වන විට රසායනාගාර ගණනාවක් සිය උපරිම ධාරිතාවය ලබා නොදෙන තත්ත්වයකට පත්ව ඇති බවත් පැවසීය.
 
️එසේම නිදර්ශක ලබා ගන්නා මහජනතාවගේ වාර්තාව ඔවුන්ගේ අතට පත් නොවීම හේතුවෙන් අනවශ්‍ය ගැටළු රැසක් මතුව තිබෙන අතර රසායනාගාර තොරතුරු කලමනාකරණ පද්ධතියක් හරහා ඉතා පහසුවෙන්, සෑම කෙනකුටම පරීක්ෂණ වාර්තාවක් ලබා දිය හැකිව තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳව අවධානය යොමු කර ඇති බවත් ඔහු පෙන්වාදී සිටියි.
 
️රෝහල් වල allen සංඛ්‍යාව බරපතළ අවදානමකට ලක්ව තිබෙන බවත් ️ඇඳන් සංඛ්‍යාව වැඩි කිරීම සඳහා ඇති විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි සහ නිරෝධායනය රෙගුලාසි නැවත සලකා බැලීම මගින් ඇදන් ධාරිතාව ආරක්ෂා කර ගැනීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු විය යුතු බවත් ඔහු සඳහන් කර ඇත.
 
️පරීක්ෂණ ප්‍රමාණය අඩු වුවද, රෝගීන් ප්‍රමාණය අඩු වී නැති බවත්  අහඹු පරීක්ෂණ ප්‍රතිඵල මගින් තහවුරු වන දත්ත අනූව, දිවයිනේ සෑම ප්‍රදේශයකම සෑම ස්ථානයකම රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් සිටින බවද ඔහු පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න