රන්ජන්ගේ මන්ත්‍රී ධුරය අහෝසියි - නීතිපති දප්පුල

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය අහෝසියි - නීතිපති දප්පුල

අධිකරණයට අපහස කිරීමේ චෝදනාවන්ට වරදකරු වී සිරදඩුවම් නියම වීමත් සමග හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය අහිමි වන බව නීතිපති දප්පුලද ලිවේරා සඳහන් කර ඇතැයි වාර්තා වෙයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මේ බව සඳහන් කර ඇති අතර ඒ සම්බන්ධව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක දැනුවත් කර ඇති බවත් පවසා ඇත.

අධිකරණයට අපහස කිරීමේ චෝදනාව මත පසුගිය 12 වනදා  හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට වසර 04ක බරපතල වැඩ සහිතව සිරදඩුවම් නියම විය.

රන්ජන්ට එන්න නොදෙන්නේ ඇයි !

මේ අතර අද (19) පාර්ලිමේන්තුවේදීද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු කැඳවීමට ක්‍රියා නොකිරීම සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කතානායකවරයා වෙතින් ප්‍රශ්න කර ඇත.

එසේම ඇතැමුන් ප්‍රශ්න කරමින් සිටින්නේ මරණ දඬුවම ලබා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ට  පාර්ලිමේන්තු පැමිණීමට අවස්ථාව ලබාදී ඇත්නම් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට ඒ අවස්ථාව අහිමි කර ඇත්තේ ඇයිද යන්නය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න