පැණි ධම්මික චණ්ඩියාට අඳියි : වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසකට ප්‍රහාරයක් !

පැණි ධම්මික චණ්ඩියාට අඳියි : වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසකට ප්‍රහාරයක් !

කෑගල්ලේ ධම්මික කපු මහතාගේ නිවෙසට පැමිණි වෛද්‍යවරයෙකු ඇතුලු කණ්ඩායමකට පහර දීමක් සිදුව ඇති බවට පේරාදෙණිය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත.

අදාළ පැමිණිල්ලේ සදහන් වන ආකාරයට පසුගිය දිනෙක පේරාදෙණියේ දන්ත වෛද්‍යවරයෙකු ඇතුලු පිරිසක් කෑගල්ලේ ධම්මික බණ්ඩාර කපු මහතා හමුවීමට එම නිවෙසට ගොස් තිබේ.

එහිදී ධම්මික බණ්ඩාර කපු මහතා විසින් වෛද්‍යවරුන්ට බැන වැදීමට පටන් ගෙන ඇති අතර පසුව වෛද්‍යවරයා එම සිදුවීම සිය ජංගම දුරකතනයෙන් පටිගත කිරීමට පියවර ගෙන ඇත.

නමුත් මෙම සිදුවීම පටිගත කරන ආකාරය ධම්මික කපු මහතාගේ ආරක්ෂාවට සිටින පිරිස විසින් දැකීමෙන් අනතුරුව මෙම පහර දීම සිදුව ඇති බව පැවසේ.

ඒ අනුව නිවෙස තුළදී අදාළ වෛද්‍යවරයා ඇතුලු පිරිසට පහර දීමෙන් පසු අදාළ වීඩියෝව මකා දමා පැය කිහිපයක් පමණ ඔවුන් නිවාස අඩස්සියේ තබා ගැනීමටද පිරිස කටයුතු කොට ඇත.

එමෙන්ම කෑගල්ල පැත්ත පළාතේ යළි නොඑන ලෙසට ඔවුන් වෛද්‍යවරයා ඇතුලු කණ්ඩායමට තර්ජනය කොට ඇති බවද පැමිණිල්ලේ සදහන්ය.

කෙසේවෙතත් මෙම කණ්ඩඩායම පසුව පේරාදෙණියට පැමිණ මෙම පහරදීම සහ තර්ජනය කිරීම සම්බන්ධයෙන් පේරාදෙණි පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

එම පැමිණිල්ලට අනුව පේරාදෙණිය පොලිසිය කෑගල්ල පොලිසියට මේ පිළිබදව දැනුම් දීමෙන් පසු කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවද දැනගන්නට තිබේ.

(මව්රට )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න