දරුවන් ගැන අගමැතිගෙන් මව්පියන්ට පණිවිඩයක් !

 දරුවන් ගැන අගමැතිගෙන් මව්පියන්ට පණිවිඩයක් !

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට ඉඩදිය නොහැකි බැවින් සෞඛ්‍යාරක්ෂිතව දරුවන් පාසලට එවීම මව්පියන්ගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අද (20) පැවති උත්සවයකට ZOOM තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“ලෝකයම වසංගත බියකින් වෙලී ගියත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පාසල් පද්ධතිය යතාත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළා.

ඇතැමුන් විවිධ දේ ප්‍රකාශ කළත් දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩදිය නොහැකියි.

පාසල් ආරම්භ කළ ප්‍රදේශවල දරුවන්ගේ පැමිණීම අඩුවී ඇතැයි දැනගන්න ලැබුණා. මෙවැනි අවස්ථාවක දෙමාව්පියන්ට විශාල වගකීමක් තියෙනවා. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව දරුවන් පාසල් වෙත යොමු කිරීම.

ඒ දැනුවත්භාවයයි වැදගත් වන්නේ. දරුවන් ආරක්ෂා වන පරිදි පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම වැදගත්.“

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න