කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා පසුගිය යහපාලන රජය ගිවිසුම් ගත වූයේ නැතැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
එහිදී ගිවිසුම්ගත වූයේ වසර හතළිහක් තිස්සේ ගෙවන ණය මුදලක් ලබාගැනීම සඳහා බවත් මුල් වසර 12 යන තෙක් ණය වාරික ගෙවිය යුතු නැති බවත් ඔහු පැවසීය.ඒ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ තම නිවසේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
අදාළ ණය මුදල ජපානයෙන් ලබා ගැනීමට සූදානම් වූයේ 0.1% ණය පොලියකට සීමා කර ගනමින් බවත් මුල් වසර 12දී කිසිදු ණය වාර්කයක් නොගෙවා ඉතිරි වසර 28 අතුලත ණය මුදල ගෙවීමට එකඟ වූ බවද ඔහු සඳහන් කලේය.
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ක්‍රියාපටිපාටියෙන් ජපන් රජය ඉවත් කර වත්මන් පාලනය සියල්ල අවුල් කර ගත්තාට දැන් කරන්නට දෙයක් නැතැයි ද හෙතෙම කියා සිටියේය.
එසේ වුවත් පසුගිය දා වරායේ වෘත්තිය සමිති සහ ජනාධිපති අතර පැවැති සාකච්ඡාවේදී සඳහන්ව තිබුණේ යහ පාලන සමයේ නැගෙනහිර ජැටිය විකිණීමට සූදානම් කර තිබූ බවය.
නමුත් දැන් හිටපු අගමැතිගේ මේ ප්‍රකාශයෙන් ආණ්ඩුව තවත් වටයකින් අර්බුදයට ගොස් ඇත.

