සංචාරක කර්මාන්තය මෙන්ම ආයෝජන අවස්ථා පුළුල් කර ගත යුතුයි - අමාත්‍ය නිමල් ලාන්සා

සංචාරක කර්මාන්තය මෙන්ම ආයෝජන අවස්ථා පුළුල් කර ගත යුතුයි - අමාත්‍ය නිමල් ලාන්සා

කොවිඩ් 19 වසංගතය හමුවේ ලෝකයම මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාවට ජය ගැනීමට නම් සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙමින් සංචාරක කර්මාන්තය මෙන්ම ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීමට කටයුතු කළ යුතු බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (22) වත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සමග පැවති සුහද හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා,

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ =ඉදිරිපත් කළ "සෞභාග්‍යයේ දැක්ම" ජාතික වැඩසටහන ඉදිරි සිව් වසර තුළ යථාර්ථයක් කිරීමට සියළු දෙනා එක්ව කටයුතු කළ යුතුයි. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙන්ම ජනතාවගේ ආර්ථික කටයුතු නංවාලීම සදහා මෙවර අයවැයෙන් යෝජනා කර ඇති වැඩසටහන් ගම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ගුවන් තොටුපොළ විවෘත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි රට විරුවන්ට යළි ලංකාවට පැමිණීමට අවස්ථාව ලැබී ඇති අතර ඒ සමගම සංචාරක කර්මාන්තය සදහාද අවස්ථාව හිමිවීමත් සමග ලක්ෂ 30 කට ආසන්න පිරිසකට යම් බලාපොරොත්තුවක් ලැබී තිබෙනවා. නියමු ව්‍යාපෘති හරහා ලබාගත් අද්දැකීම් උපයෝගී කොටගෙන රටේ ජනතාව කොවිඩ් 19 න් ආරක්ෂා කර ගනිමින් සංචාරක කර්මාන්තය සිදු කර ගෙන යාම රජයේ බලාපොරොත්තුවයි.

එක්සත් ජාතික පක්ෂයේ පාලනය යටතේ පවතින වත්තල මාබෝල නගර සභාව නිතී විරෝධී ක්‍රියාවන් රැසක් සිදු කරමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරනවා. එමෙන්ම වත්තල නගරය කොළඹ වාණිජ නගරයට ආසන්නතම නගරය වශයෙන් දියුණු කිරීමට සැලසුම් කර ඇති අතර ජනතාවගේ ඉඩම් ගැටළු විසදීමේ වැඩපිළිවෙලක් රජය විසින් ආරම්භ කර ඇති අතර ඒ අනුව වත්තල ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් ගැටළු සදහා අවශ්‍ය විසදුම් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ කාණු පද්ධති හා ඇලවේලි සියල්ල ප්‍රතිසංස්කරණය කරමින් වැසි හා ගංවතුර තත්ත්වයන්ගෙන් ජනතාවට සිදුවන පීඩාවන් වැලැක්වීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න