පවිත්‍රාට කොරෝනා හැදුණු හේතුව ධම්මික කියයි !

පවිත්‍රාට කොරෝනා හැදුණු හේතුව ධම්මික කියයි !

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා ආසාදනය වීම සම්බන්ධයෙන් තමන්ට වගකිමක් ගත නොහැකි බව කෑගල්ලේ කොරෝනා පැණිය සෑදූ ධම්මික බන්ඩාර පවසයි.

සිය ෆේස්බුක් පිටුව හරහා අදහස් පල කර ඇති ධම්මික බන්ඩාර වැඩිදුරටත් පවසන්නේ පැණිය පානය කළ පසු නොකළ යුතු දේවල් ලෙස දැන්වු දේවල් දෙකක් ඇමතිනි පවිත්‍රා විසින් කඩ කර ඇති නිසා ඇයට වෛරසය ආසාදනය වී ඇති බවයි. 

"මගේ පැණිය පාවිච්චි කරන අතරතුර මත්පැන් භාවිතය, දුම්පානය සහ මස් මාංශ අනුභවය නොකල යුතු බව . " ධම්මික බන්ඩාර පවසයි.

කෑගල්ල ප්‍රදේශයේ දේවාලයක කපුතැන  ලෙස කටයුතු කළ ධම්මික බන්ඩාර නැමැත්තාගේ පැණිය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි , පියල් නිශාන්ත, සිසිර ජයකොඩි, චන්න ජයසුමන වැනි ආණ්ඩුවේ දේශපාලඥයන් විසින් ප්‍රධාන පෞද්ගලික රූපවාහිනි නාලිකාවක අනුග්‍රහයෙන් ප්‍රවර්ධනය කළ අතර පැණිය ප්‍රසිද්ධියේ පානය කළ ඇමතිනි පවිත්‍රා සහ පියල් නිශාන්ත මේ වනවිට කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වී ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න