Language Switcher

V2025

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව හෙට : චම්පිකට ආරාධනා නෑ !

සමගි ජන බලවේගය පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල පළමු හමුව හෙට (25) පැවැත්වීමට නියමිත නමුත්  ඒ සඳහා එම පක්ෂයේ ප්‍රබලයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වෙත කිසිදු ආරාධනයක් සිදු කර නොමැති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අද (24) චම්පික රණවක  මන්ත්‍රීවරයා විසින්  සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම්  රංජිත් මද්දුම බණ්ඩාර අමතමින් මේ සම්බන්ධව කරුණු විමසා ඇත.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ  ජාතික හෙළ උරුමයෙන් ඉවත් වීම සහ තමන් විශ්වාස කළ ජනතාවට සහ  මහ ද දේශපාලන ආධාරකරුවන් සම්බන්ධව  වගකීමක් ඇති බැවින්  හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවට සහභාගීවීමට ඉඩදෙන  ලෙසය.

එහෙත් දැනගන්න ඇති  ආකාරයට  සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් ද චම්පික මන්ත්‍රීවරයාට නිසි ප්‍රතිචාරයක් දක්වා නැත.