ඉන්දියාවේ එන්නත් ලක්ෂ 5 හෙට එයි : ලක්ෂ 3ක් දෙන්න චීනයත් සූදානම් !

ඉන්දියාවේ එන්නත් ලක්ෂ 5 හෙට එයි : ලක්ෂ 3ක් දෙන්න චීනයත් සූදානම් !

AstraZeneca Covishield එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් රැගත් ගුවන් යානය හෙට (28) පෙරවරු 11ට මෙරටට ළඟා වීමට නියමිත බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග පවසා ඇත.

කොරෝනා මර්දන එන්නත මෙරටට ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීම සහ සම්බන්ධීකරණය කිරීමට පත්කළ කමිටුවේ සභාපති වන්නේ ලලිත් වීරතුංගය.

ඒ අනුව ඉන්දීය රජය මෙරටට  පිරිනමන එම එන්නත් තොගය  පුද්ගලයින් 250,000 දෙනෙකු වෙත  ලබාදීමට නියමිතව ඇත.
 
මේ සමග කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ, Sinopharm ආයතනය නිෂ්පාදනය කරන COVID-19 එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් මෙරටට ප්‍රදානය කරන බවය.
 
ඒ සම්බන්ධව නිකුත්කළ නිවේදනයක් පහත දැක්වෙයි.
 

111111111111111111111111111111111111111111111111111111111111

2222222222222222222222222222222222222222222222222222222222222

 
ඒ අනුව චීනය සහ ඉන්දියාව මෙරටට පළමු එන්නත් තොග නිකුත් කල රටවල් බවට පත්වෙයි. 
 
Untitled design 2020 11 23T203500.318 570 850

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න