කොවිඩ් – 19 ආසාදිතව සිටින සෞඛ්‍ය ඇමැතිනි පවිත‍්‍රා වන්නිආරච්චි ධම්මික පැණිය පානය කළේ එක් අවස්ථාවකදී පමණක් බවත් එක හැන්දක් පමණක් මාධ්‍යයට දැක ගැනීමට ප‍්‍රසිද්ධියේ පානය කළ බවත් ඇගේ සැමියා වන සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කාංචන ජයරත්න පවසයි.“ඇමැතිවරියට කොරෝනා ආසාදනය වීම පුදුමයක්.
කොහෙන් බෝ වුණාද කියලා අපිටත් ප‍්‍රශ්නයක්. හැබැයි ඇය කොරෝනා මැඩලීමේ වැඩපිළිවෙළ පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන් මෙන්ම විවිධ පුද්ගලයන් සහ එක්ව වැඩ කළා.
ළඟදී දවසක ඇය උගුර ටිකක් රිදෙනවා කිව්වා හින්දා PCR සහ ඇන්ටිජන් පරීක්ෂණයකට ලක්වුණා.
ඇමතිනිය හික්කඩුව ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක පසුවනවා. අපි නිවසේ නිරෝධායන වෙනවා.
නිවසේ වැඩ කරන ආරක්ෂක සේවයේ යෙදී සිටින සියලුම දෙනාත් PCR සහ ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කළා. ඇමැතිනිය හැර අප කාටත් කොරෝනා වැළඳී නැති බව තහවුරු වුණා.” යැයිද ඔහු වැඩිදුරටත් පවසයි.
(lanka truth )


 
     
     
    