කුරුණෑගලට කුඩා සූර්ය විදුලි බලාගාර 1218ක්

කුරුණෑගලට කුඩා සූර්ය විදුලි බලාගාර 1218ක්

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ කි.වො. 100 කුඩා බලාගාර පිහිටවිය හැකි ට්‍රාන්ස්ෆෝමර්ස් 1218 ක් මේ වනවිට හදුනාගෙන තිබෙන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දිස්ත්‍රික් මට්ටමෙන් දීපව්‍යාප්තව පැවැත්වෙන ග්‍රාමීය ආර්ථික යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීම් මාලාවේ කුරුණෑගල දිස්ත්‍රික් රැස්වීමට සහභාගි වෙමිනි. මෙම රැස්වීම කුරුණෑගල දිස්ත්‍රික් ලේක්ම කාර්යාලයේදී පැවත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මෙම දිස්ත්‍රික්කය තුළ නිවාස 482887 ක් තිබුණත්, වහල මත සූර්ය බලාගාර පිහිටවලා තිබෙන්නේ 753 ක් පමණයි. මෙමගින් මෙගාවොට් 12 ක් පමණයි දැනට ජනනය වන්නේ. මෙවර අයවැය යෝජනා තුල විශේෂිත ස්ථානයක් ලබාදි තිබෙන මෙම ට්‍රාන්ස්ෆෝමර්ස් උපයෝගී කරගනිමින් විදුලි බලාගාර පිහිටුවීමේ ව්‍යාපෘතියේ වැඩිම කොටසක් හිමිවී තිබෙන්නේ කුරුණැගල දිස්ත්‍රික්කයට වීම විශේෂත්වයක්. ඒ අනුව සූර්ය බලයෙන් විදුලිය නිපදවන ප්‍රධානතම දිස්ත්‍රික්කය බවට කුරුණෑගල දිස්ත්‍රික්කය පත් වේවි. මෙම දිස්ත්‍රික්කයේ විදුලියනය 98% ක් වුවත්, තවමත් විදුලිය නොමැති නිවාස 4668 ක් තිබෙනවා. විදුලිය ලබාදීමේදී මෙතෙක් තිබූ ගැටළු, නිර්ණායකයන් සියල්ල විසඳමින්, මෙම වසර අවසන් වනවිට මෙම දිස්ත්‍රික්කයේ විදුලිය නොමැති එකම නිවසක්වත් තියෙන්න බැහැ කියලා මම විශ්වාස කරනවා"

නව රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව අගමැතිතුමාගේ මගපෙන්වීම යටතේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යතුමාගේ වි‍ශේෂ ඉල්ලීමකට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ විදුලි පාරිභෝගික පහසුව මෙන්ම ගුණාත්මක විශ්වාසදායි විදුලි සැපයුමක් වෙනුවෙන් දිස්ත්‍රික්කයටම වෙන්වූ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කලාපයක් ස්ථාපිත කිරීමට මේ වනවිට ප්‍රතිපත්තිමය තින්දුවක් ගැනීමට සමත්වූ බව පැවසූ අමාත්‍යවරයා, ජනතාවගේ විදුලි ගැටළු සම්බන්ධයෙන් නව රජය කෙතරම් සංවේදිත්වයක් දක්වනවාද යන්න ඒ තුළින් සනාත වන බව පැවසීය. එසේම දිස්ත්‍රික්කයේ විදුලි කණූ විතැන් කිරීමේදී කටයුත්තේදී මාර්ග වල සිදුවිය යුතු ප්‍රථිසංස්කරණ කටයුතු පිළිබදව ද මහාමාර්ග අමාත්‍යාංශය සමග එක්ව ප්‍රතිපත්තිමය තින්දුවක් ගැනීමට ද ඉදිරියේදී ක්‍රියාකරන බව පැවසීය.

මෙම අවස්ථාවට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රානන්දු  ඇතුළු ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න