රන්ජන් රාමනායක නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයට..!

රන්ජන් රාමනායක නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයට..!

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිව් වසරක බරපතල සිර දඬුවම් නියමවී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී  රංජන් රාමනායකට එදිරිව ලබා දුන් තීන්දුව යළි සලකා බලන ලෙසට ඉල්ලා ඔහුගේ   නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කර ඇත.

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී බරපතල වැඩ සහිතව සිව් වස් සිර දඬුවම් නියම කෙරුණු රන්ජන් රාමනායක ඉකුත් ජනවාරි මස 12 වෙනිදා දෙස් විදෙස් ජනතාවගේ මුවට කඳුළැලි එක්කරමින් ආන්දෝලනාත්මක චරිතයක් ලෙස සිරගතවිය….        

කෙසේ වෙතත් ඔහු සිරගත වන විට නිදොස් කොට නිදහස් වූ දූෂණ මිනීමැරුම් හා බරපතල වංචා වෙනුවෙන් චෝදනා ලැබූවන් සමාජගත වෙද්දී  නීතියේ රන් දෙවොල පිළිබඳව නීතිවේදීන් විසින් සිදුකරන පරස්පර අදහස් නිසාවෙන් නීතියේ රන්දෙවොල තුළ සාධාරණත්වය පිලිබඳ විවිද අදහස් මතුවෙමින් පවතී….            

විවිධ නීතිවේදීන් පවසන්නේ අධිකරණයට අපහාස කිරීම ශ්‍රී ලංකාවේ නීතියට අනුව නිශ්චිත අර්ථ නිරූපණනයක් නොමැති බවත් එය පැහදිලි සංශෝධන තුලින් අර්ථ නිරූපණනය වියයුතු බවත්ය.              

තවද වර්ථමානයේ අධිකරණය තුල විභාග වෙමින් පවතින නඩු කටයුතු පිළිබඳව ජනාධිපති කොමිසම් හරහා සිදුකරමින් තිබෙන බලපෑම ඉතා පැහැදිලිවම අධිකරණයට අපහාසක් නොවන්නේද යන්න ප්‍රවීණ නීතිවේදීන් පවා ප්‍රශ්න කරමින් සිටී…       

එමෙන්ම ජාතික මෙන්ම ජාත්‍යන්තර ලෙසත් රන්ජන් රාමනායක නම් අසාහාය කලාකරුවා,දේශපාලකයා මෙන්ම මානවහිතවාදියා පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන අතර එළැඹෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරය රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ සිදුවීම දැඩි අවදානයක් එල්ලවනු ඇති බවට දෙස් විදෙස් දේශපාලන විචාරකයන් පෙන්වා දෙමිනි සිටී..

කෙසේ වෙතත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට හිමි දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලා ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට අවසර දෙන ලෙසට ඔහුගේ නීතිවේදීන්  විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෝසම මගින් ඉල්ලා තිබෙනවා.මේවන විට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා  අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ තව දින කීපයක් නිරෝධායනයේ පසු වෙමින් පවතී..

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි 

මිලානෝඉතාලිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න