ක්‍රිකට් හදන්න නාමල්ගෙන් කමිටුවක් : මුල්තැන අරවින්දට !

ක්‍රිකට් හදන්න නාමල්ගෙන් කමිටුවක් : මුල්තැන අරවින්දට !

මෙරට  ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් පත්කර ඇති අතර එහි සභාපති ලෙස  අරවින්ද ද සිල්වා පත්කර ඇත.

එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ  රොෂාන් මහානාම (සාමාජික), මුත්තයියා මුරලිදරන් (සාමාජික) සහ කුමාර් සංගක්කාර (සාමාජික) ය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ  විසින් අද (05) එම කමිටුව පත්කරන ලදිඑම කමිටුවේ මූලික කාර්යභාරය වනුයේ අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු පිළිබඳව උපදෙස් ලබාදීමය.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය නංවාලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සමීපව කටයුතු කර එමඟින් ශ්‍රී ලංකාව තුළ ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවක් ගොඩනැගීම හා පුහුණු කිරීම අවශ්‍ය මග පෙන්වීම මෙම කමිටුව හරහා ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන කටයුත්තක් බව සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ක්‍රියාත්මක තාක්ෂණික උපදේශක කමිටුව වෙතද මෙම කමිටු සාමාජිකයින්ගේ නම් යොදාගන්නා ලෙස අමාත්‍යවරයා විසින් යෝජනාකර තිබේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න