සෝමාවතිය ඓතිහාසික පුදබිම සහිත රක්ෂිතයේ බොරපන්වැව ආශ්‍රිතව ට්‍රැක්ටර් රථ යොදාගනිමින් අක්කර සිය ගණනක් මේවන විටත් වගා කටයුතු සඳහා අනවසරයෙන් එළිපෙහෙළි කරඇති බව අනාවරණය විය.
මෙහි සුවිශේෂීම කරුණ නම් පොළොන්නරුවේ ජල ගැලුම් නිම්න කලාපය තුළ එම රක්ෂිතය පිහිටා තිබීමයි. මෙම මහා සාපරාධී වන විනාශය අනාවරණය වී තිබෙන්නේ, එම ජාතික වනෝද්‍යානයේම අනෙක් පස පිහිටි වෙහෙරගොඩයාය ප්‍රදේශයේ අනවසර එළිපෙහෙළි කිරීම් හා ගවපාලනය වෙනුවෙන් ' ගව ගාල් ' පවත්වාගෙන යෑම පිළිබඳව අදාල බලධාරීන්ගේ අවධානයට යොමු වීමත් සමගය.
පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වෙහෙරගොඩයාය සිට සිදුකෙරෙන අනවසර වගාවන් වෙනුවෙන් වන එළිපෙහෙළි කිරීම් හා ගව පාලනය වෙනුවෙන් සිදුවන මහා වන සංහාරය පසුගිය වසරක පමණ කාලයක සිට අතිවිශාල ලෙස වර්ධනය වෙමින් පවතී..
එසේම එම ප්‍රදේශයේ සිට කිලෝමීටර් 25ක් පමණ දුරින් පිහිටි ජල ගැලුම් නිම්න කලාපයේම මැදිරිගිරිය, පල්ලියගොඩැල්ල සෝමාවතිය ජාතික වනෝද්‍යානය තුළ අක්කර සිය ගණනින් විනාශ කරන බවට සමාජ මාධ්‍ය හරහාද නිරන්තරයෙන් වාර්ථා උවද නීතිය ක්‍රියාත්මක වීමක් මෙතෙක් වාර්ථා වී නොමැත..
කෙසේ වෙතත් මේ පිළිබඳව සොයාබැලීමට පල්ලියගොඩැල්ල ග්‍රාම නිලධාරීවරයා, ප්‍රදේශවාසීන් සමග පසුගිය 4 වනදා එහි ගොස් තිබුණ අතර එහිදී පුද්ගලයින් කිහිප දෙනෙකු වනය තුළ සිට ට්‍රැක්ටර් රථයකින් වේගයෙන් පිටතට පැමිණෙන අයුරු හා ඉන් පලායන ආකාරය මාධ්‍ය විසින් වාර්තා කර ඇතත් අනවසරයෙන් රක්ෂිත තුලට ඇතුලු වූ පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමක් හෝ මේවන තුරුම සිදුව නැත…
සිදුව ඇති මහා අපරාධයක විනාශය !
ග්‍රාමසේවක නිලදාරියා හා ප්‍රදේශ වාසීන් ජල ගැලුම් නිම්න කලාපය වෙත ඇතුළුවීමේදී දක්නට ලැබුනේ මහා වෘක්ෂ සද්ධන්තයින් මහපොලොව මත වැතිරෙමින් අවසන් සුසුම් හෙලන ආකාරයයි. ඒ මහා සද්ධන්තයින් අතර , කුඹුක්, හැලඹ, හල්මිල්ල ඇතුළු වටිනා දැවැන්ත ගස් 300කට අධික ප්‍රමාණයක් යන්ත්‍ර උපයෝගී කරගනිමින් කපා විනාශ කොට දමා ඇත.
ගමත් නොදන්නා අදිසි හස්තය කවුරුන්ද ? සිද්ධිය සම්බන්ධයෙන් තම අදහස් දැක්වන පල්ලියගොඩැල්ල ප්‍රදේශවාසීන් සඳහන් කළේ, "රාත්‍රි කාලයේ ඇවිත් තමයි මේ විනාශය කරන්නේ. උදේට කවුරුත් නෑ. කවුද එන්නේ.. කවුද යන්නේ කියලා කිසිදෙයක් ගම්මු දන්නේ නෑ.
බලධාරීන් මේකට දැඩි පියවරක් ගන්න ඕනේ," යනුවෙනි. නිදහස් දින ජනපතිගේ පරිසරය හිතකාමී ප්‍රකාශය පුස්සක්ද? වියළි කලාපයේ පිහිටි එකම ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ විවිධ පාර්ශ්ව විසින් සිදුකරන අනවසර එළිපෙහෙළි කිරීම් නවතාගන්නට නොහැකි වීම තුළ ඇති ප්‍රධාන හා සාධාරණ සැකය නම් මේ මහා සංසාරගත සාහසික අපරාධයක් වන අමු අමුවේ කරන පාරිසරික හානියට ඍජුවම දේශපාලණික සබඳතා ඇති සේයාවයි.
නොඑසේනම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනපති නිදහස් දිනයේත් තමන් පරිසර හිතකාමියකු බව පුන පුනා පැවසුවද ඔහුගේ ධූර කාලය තුල ඉතිහාසයේ නොවූ විරූ තරම් මහා පාරිසරික වන විනාශ සිදුවෙමින් පැවතීම හා ඒ වෙනුවෙන් ' එක් රටක් එක් නීතිය ' සංකල්පයක්ම පමණක් බව පසක් වෙමින් පවතී.
සාමාන්‍යය වැසියකු බත ඉදවීම පිණිස ලිප ගිණි මෙළවීමට දර අත්තක් කඩා ගැනීමට රක්ෂිත සීමාවන් තුලට ඇතුලු වූ අවස්ථාවන්හි නීතිය තදින් ක්‍රියාත්මක වූ සැටි ඉතිහාසය සාක්ෂි දරනවා ඇත..
මේ මහා අහස පොළොව නුහුලන සංසාරගත පාපයන් වහාම නතර නොකල හොත් නුදුරේදීම කොරෝනා වලින් නොව හුස්ම ගැනීමට ඔක්සිජන් නොමැති වීමත් පරිවෘත්තිය ක්‍රියාවන් වෙනුවෙන් ජලය නොමැති වීමත් අධික නියගය හා පරිසරය උෂ්ණත්වය ඉහල යාමෙන් මුහුණ දීමට සිදුවන හානිය නිසා පුරවැසියන් මියෙනු ඇත……
සුමුදු මද්දුමආරච්චි
මිලානෝ ඉතාලිය