කතාවට පැය 48 යි: නාරම්මල දම්පෑලැස්ස පීල්ලකන්ද වනසයි ! (වීඩියෝ)

කතාවට පැය 48 යි: නාරම්මල දම්පෑලැස්ස පීල්ලකන්ද වනසයි ! (වීඩියෝ)

ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිදහස් දින සිය අදහස් දැක්වීමේදී එක් රටක් එක් නීතියක් හා සොහාදම ආරක්ශා කිරීමට ඍජුව මැදිහත්වන බව සපතකිරීමත් සමග 69 ලක්ෂයක් සැබෑ වෙනසක් පැතූ ජනතාව බලාපොරොත්තුවේ දෑස් දල්වා  පැය 48 හතලිස් අටක් ගතවෙන්නට මත්තෙන් සිංහල බෞද්ධ ඓතිහාසික ප්‍රෞඩත්වයේ උරුමයක පැවැත්මට දායක වූ නාරම්මල දම්පෑලැස්ස පීල්ලකන්ද කිසිදා නොසිඳෙන දිය බුබුල සහිත ජල උල්පත හා පෝෂක ප්‍රදේශය මේ මොහොත වනවිටත් සම්පූර්ණයෙන්ම විනාශ කරමින් සිටී…

දම්පෑලැස්ස ජලමූලාශ්‍රයේ ඓතිහාසික හා වර්ථමාන වැදගත් කම

ශ්‍රී ලාංකේය බෞද්ධ සැදැහවතුන්ගේ මුඳුන් මල්කඩ වන් ඓතිහාසික ශ්‍රී දලඳා වහන්සේ  බෙළිගල සිට දඹදෙණිය කරා වැඩමවන අවස්ථාවේ දලඳා හිමියන්ට පුදසත්කාර පැවැත්වීමට දානය පූජා කිරීම සිදුකල පූජනීය ඓතිහාසික  ස්ථානය ලෙසත් ඒ මොහොතේ ඒ ප්‍රදේශය ආශ්‍රිතව ජලය නොමැති අවස්ථාවක දලඳා හිමියන්ගේ මහා ප්‍රාතිහාර්‍යක ප්‍රතිඵලයක් ලෙස මෙම දිය බුබුල මතුවී ඇති බව ජනප්‍රවාදයේ පැවත එන අතර විහාරාධිපති හිමි කලවානේ සීවලී හිමියන් විසින් ප්‍රකාශ කරන ලදී…      

නාරම්මල දම්පෑලැස්ස ප්‍රදේශයේද දඹදෙණිය ආසනයේද පවුල් තිස්දහසක් ( 30000 ) පමණ සොභාදහමේ දායාදයක් වූ මේ ජල බුබුලෙන් ජල උල්පතින් පානීය ජල අවශ්‍යතාව හා අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් භාවිතාකරමින් සිටින අතර විහාරාධිපති හිමි කලවානේ සීවලී හිමියන්ගේ දැඩි විරෝධතාව මත තාවකාලිකව සාපරාධී ජල උල්පත් හා පරිසර හානිය වලක්වාගෙන ඇති අතර පක්ෂ පාට භේදයකින් තොරව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මංත්‍රී නාමල් කරුණාරත්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මංත්‍රී ශාන්ත බණ්ඩාර හා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රී නලින් බණ්ඩාර විනාශ කරමින් පවතින දම්පෑලැස්ස ජල උල්පත් නිරීක්ෂණයට පැමිණ ඇති අතර පාර්ලිමේන්තු මංත්‍රී  නලින් බණ්ඩාර විසින් එලැඹෙන පාර්ලිමේන්තු වාරයේදී වහාම පාර්ලිමේන්තුවත් විශය භාර අමාත්‍ය මහින්ද අමරවීරත් දැනුවත් කිරීමට නියමිතය.

අතොරක් නැතිව සිදුවන මහා පාරිසරික හානිය තුළින් නුදුරේදීම සිදුවීමට නියමිත මහා කේදවාචකය පෙරනිමිති සීඝ්‍රයෙන් සිදුවෙමින් පවතින අතර නාය යාම්,නියඟයන් හා පාරිසරික උෂ්ණත්වය ඉහලයාමත් වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය පහල යෑම හා පරිසර හිතකාමී සතුන් හා කෘමීන් ( මී මැස්සන්, සමනළයන් ) විනාශ වීම තුල පරාගනයට වන බලපෑමෙන් ආහාර නිශ්පාදනයටද බරපතල අවදානමක් එල්ලවෙමින් පවතී…

හැටනවලක්ෂයක ජනතාවගෙන් බුද්ධිමත් පරිසරය කෙරෙහි සංවේදී සැබෑ දේශප්‍රේමී ජනතාව සිදුවෙමින් පවතින සාපරාධී මහා පරිසර විනාශයට එරෙහිව යම් කනස්සල්ලකින් පසුවන බව නන්දෙසින් සමාජගත වෙමින් පවතී…

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි 

මිලානෝ ඉතාලිය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න